Home අද තවමත් ශ්‍රී ලංකාව සිටින්නේ ණය අසාදු ලේඛනයේ – මහ බැංකු අධිපති

තවමත් ශ්‍රී ලංකාව සිටින්නේ ණය අසාදු ලේඛනයේ – මහ බැංකු අධිපති

102
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා මෙරට අතර ඇති ණය ගිවිසුමේ 3 වන සමාලෝචනය කල් යන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකු රැස්වීම්වලට සමගාමීව වොෂින්ටනයේ පැවති සාකච්ඡාවකදී මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

මෙරට ණය හිමියන් හා විදේශ ණය හිමියන් සමග ණය සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කරන බව ද මහ බැංකු අධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.

එහිදී බැඳුම්කරණ ණය හිමියන් සමග යම් එකඟතාවක් ඇති කිරීමට කටයුතු කරන බව ද හෙතෙම එහිදී ප්‍රකාශ කර තිබේ.

ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැනට අසාදු ලේඛනයේ සිටින බව ද එය ඉදිරියේදී හැකි ඉක්මණින් ඉවත් කිරීමට කටයුතු කරන බව ද මහ බැංකු අධිපතිවරයා අදාළ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇති බව ද වාර්තා වේ.

Previous articleකොහොමද තීරණ ගත්තේ කියලා ජනාධිපතිට තව කල් ඉන්නකොට තේරෙයි – හිටපු ජනපති රනිල්
Next articleWhatsApp ඇතුළු සමාජ මාධ්‍යජාල ඔස්සේ මෙවැනි පණිවුඩයක් ඔබටත් ලැබුනද? දැනුවත්ව ප්‍රවේසම් වෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here