පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කර ප්‍රතික්ෂේප වූ නාමයෝජනා පත්‍ර 35ක් යළි භාර ගන්නා ලෙස අභියාචනා අධිකරණය අද (10) අදාල තේරීම් භාර නිලධාරින් වෙත නියෝග කළේය.
නාමය යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අධිකරණය වෙත ඉදිරිපත් කළ පෙත්සම් විභාග කිරීමෙන් පසුව අභියාචනා අධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළහ.
උප්පැන්න සහතික සාම විනිසුරුවරු සහතික කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස් ව්‍යවස්ථාවේ 7 වන උපලේඛණය යටතේ සිදුකළ දිවුරුම් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු මත ප්‍රතික්ෂේප කරන ලද නාමය යෝජනාපත්‍ර මෙලෙස යළි භාර ගන්නා ලෙස එමඟින් නියෝග කෙරිණි.
පළාත් පාලන මැතිවරණය සඳහා භාර දුන් නාමයෝජනා පත්‍ර 425 ක් විවිධ හේතු මත ප්‍රතික්ෂේප කරනු ලැබීය