Home අද ගෝඨා එක්ක දාපු සෙල්ලම් අනුර එක්ක බෑ ජනාධිපති කාර්යාලයට ඇතුලු වෙන්න ආපු...

ගෝඨා එක්ක දාපු සෙල්ලම් අනුර එක්ක බෑ ජනාධිපති කාර්යාලයට ඇතුලු වෙන්න ආපු රැට්ටාට පොලීසියෙන් බාධා

604
0

ජනාධිපති ලේකම් කාර්යාලයේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂක ජනරාල්වරයාට ලිපියක් බාරදීම සඳහා පැමිණි අරගලයේ ක්‍රියාකාරීන් පිරිසක් එම ලිපිය බාරදීම සඳහා වෙනත් ස්ථානයකට යාමට පොලීසිය විසින් පැවසීම හේතුවෙන් එහි යම් මතභේදාත්මක තත්වයක් ඇතිව තිබුනා.

ඊයේ (09) ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළුවීමට යාමේදී මෙම සිද්ධිය ඇතිව තිබේ.

මීට පෙර අරගලයේ ක්‍රියාකාරීන් කිහිපවතාවක්ම එම ස්ථානයට පැමිණ ලිප් බාරදුන් බවත් රජය හෝ කිසිඳු පාර්ශවයක් කිසිඳු ජනතාව කිසිඳු දැනුවත් කිරීමකින් තොරව මහජන සම්බන්ධතා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ කාර්යාලය වෙනත් ස්ථානයකට ගෙනගොස් තිබීම සම්බන්ධයෙන් මෙලස පොලිසිය සහ අරගලයේ ක්‍රියාකාරීන් අතර යම් වචන හුවමාරුවක් සිදුව තිබුනා.

කෙසේ වෙතත් පසුව පැමිණ සිටි පිරිස ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂක ජනරාල්වරයා සමඟ සාකච්ඡාවක් පවත්වා තිබුනා.

එහිදී අරගල සමයේ මැයි 09 වනදා සිද්ධියේදී අරගලයේ ක්‍රියාකාරීන් මෙන්ම අරගලයට සම්බන්ධ නොවූ පිරිස් පිඩාවට පත් 3000කට අධික පිරිසකට නඩු 300 ගණනක් පවරා ඇති නමුත් ඒවා වසර 3ක කාලයක් ඉක්මවා ගියත් තවමත් පොලිසිය විසින් එම නඩු කටයුතු ඉදිරියට ගෙනයාමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මෙහිදී ඔවුන් ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂක ජනරාල්වරයා දැනුවත් කර තිබෙනවා.

Previous articleදේශබන්දුට ඇප
Next articleපක්ෂ නායක හමුව අවසන් : මෙන්න ප්‍රතිඵල !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here