Home අද ජනපති රනිල් 50% ඉක්මවයි – අලුත්ම සමීක්ෂණයේ ප්‍රතිඵල මෙන්න

ජනපති රනිල් 50% ඉක්මවයි – අලුත්ම සමීක්ෂණයේ ප්‍රතිඵල මෙන්න

1681
0

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිදුකරන ලද ආසන්නතම සමීක්ෂණය තුළින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 60% ට ආසන්න ජනතා ප්‍රසාදයක් දිනාගෙන ඇත.

Numbers.lk ආයතනය විසින් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර දින දෙකක් තුළ දී 41657 කුගේ ඡන්ද ප්‍රකාශ කිරීම් ඇසුරෙන් සමීක්ෂණය පවත්වා තිබේ.

No description available.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 59% ක් ලබාගෙන ඇති අතර අනුර කුමාර සහ සජිත් ප්‍රේමදාස යන අපේක්ෂකයෝ දෙදෙනාම 40% ආසන්නයටවත් පැමිණීමට නොහැකි වී ඇත.

අනුර කුමාර දිසානායක මහතා 14% ක් ද සජිත් ප්‍රේමදාස මහතා 26% ක් ද වන ආකාරයට එහිදී ඡන්ද ලබාගෙන ඇත.

ජනාධිපතිවරණයට දින 08 ක් තිබියදී මෙම සමීක්ෂණය සිදුකිරීම හරහා ජනතාවගේ සැබෑ කැමැත්ත පිළිබඳ අනාවරණයක් සිදුවන අතර මෙම සමීක්ෂණය 65 000 ක් පිරිස නිරීක්ෂණය කර ඇති බවද ට්විටර් සමාජ මාධ්‍ය ජාලා දත්ත අනාවරණය කරයි.

2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ද Numbers.lk මෙවැනි සමීක්ෂණයක් සිදුකර තිබූ අතර එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්වෙනු ඇති බවට ජනතාවගේ වැඩි ප්‍රතිශතයක් සිය කැමැත්ත ප්‍රකාශ කර තිබුනා.

 

Previous article21 තියෙන්නේ ඡන්දයක් නෙවෙයි යුද්දයක් – රාජිත
Next articleරනිල්ගේ කෘෂි නවීකරණය හිටපු කෘෂිකර්ම ඇමති අනුරත් අනුමත කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here