Home අද අදානිට ඇමරිකාව ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉල්ලූ විවාදය නිසා දෙවැනි දිනටත් පාර්ලිමේන්තුව කල්...

අදානිට ඇමරිකාව ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉල්ලූ විවාදය නිසා දෙවැනි දිනටත් පාර්ලිමේන්තුව කල් තබයි

61
0

ඉන්දියන් ප්‍රකෝටිපති ව්‍යාපාරියකු වන ගෞතම් අදානිට එරෙහි එක්සත් ජනපදය විසින් ගොනුකර ඇති අධිචෝදනා සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලීමෙන් අනතුරුව ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ විරෝධය හේතුවෙන් දෙවන දිනටත් අද පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

ඉකුත් බදාදා දිනයේද මෙලෙසම පාර්ලිමේන්තු වැඩකටයුතු කඩාකප්පල් කිරීමට ඔවුන් ක්‍රියා කරනු ලැබුවේ මේ හේතුව නිසා බව එම පුවත තවදුරටත් වාර්තා කරනවා.

ගෞතම් අදානි එක්සත් ජනපදයේ මුදල් රැස් කිරීම සඳහා ඩොලර් මිලියන 250 (පවුම් මිලියන 198) අල්ලස් ක්‍රමයක් සැලසුම් කර එය සඟවා තැබූ බවට පසුගිය සතියේ එක්සත් ජනපද බලධාරීන් අදානිට චෝදනා කළේය.

එහි ඔවුන් චෝදනා කර ඇත්තේ, වසර 20ක් පුරා ඩොලර් බිලියන 2කට වඩා වැඩි ලාබයක් ලබා ගැනීමට අපේක්ෂා කරන ඔහුගේ පුනර්ජනනීය බලශක්ති සමාගම සඳහා කොන්ත්‍රාත්තු ලබා ගැනීමට ඔහු සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ විධායකයින් ඉන්දියානු නිලධාරීන්ට ගෙවීම් කිරීමට එකඟ වූ බවයි.

ඔවුන් මෙම චෝදනා “පදනම් විරහිත” බව කියමින් ප්‍රතික්ෂේප කළ අතර “මේ සඳහා නීතිමය පියවර ගන්න බවට සහතික විය.

ඉන්දියාවේ විරුද්ධ පක්ෂය, විශේෂයෙන්ම කොංග්‍රස් පක්ෂය, අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂය (BJP) අදානිව ආරක්ෂා කරන බවටත්, ඔහුට එරෙහිව ඉන්දියාවේ පරීක්ෂණ අවහිර කරන බවටත් චෝදනා කරන අතර ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

මේ සතියේ පාර්ලිමේන්තුව ආරම්භ වූ දා සිට අදානිට එරෙහි චෝදනා සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලෙස බලකරමින් මන්ත්‍රීවරු සටන් පාඨ කියමින් සිටි අතර ඒ හේතුවෙන් දෙවැනි දිනටත් පාර්ලිමේන්තු කටයුතු අඩාල වූ අතර,

අදානිගේ දැඩි විවේචකයෙකු වූ කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි කියා සිටියේ ගෞතම් අදානි අත්අඩංගුවට ගත යුතු බවයි.

ඔහුට එක්සත් ජනපදයේ චෝදනා එල්ල වී ඇති බවත් රජය ඔහුව ආරක්ෂා කරන බවත් ගාන්ධි පාර්ලිමේන්තුවෙන් පිටත දී වාර්තාකරුවන්ට අදහස් දක්වමින් පවසා තිබේ.

Previous articleආපදා තත්ත්වයෙන් 04 ක් මරුට – 230,743 කට පීඩා
Next articleකාර්තිව් ඛේදවාචකය ගැන ඇහෙන අලුත්ම කතාව මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here