Home අද කාර්තිව් ඛේදවාචකය ගැන ඇහෙන අලුත්ම කතාව මෙන්න

කාර්තිව් ඛේදවාචකය ගැන ඇහෙන අලුත්ම කතාව මෙන්න

49
0

අම්පාර, කර්තිව් මාවඩිපිල්ලේ ප්‍රදේශයේදී ඊයේ (26) ටැක්ටරයක ගමන් කරමින් සිටි පාසල් දරුවන් හය දෙනෙකු ජල පහරට ගසාගෙන ගොස් අතුරුදහන්ව සිටි අතර ඔවුන්ගෙන් දෙදෙනකුගේ සිරුරු අද නාවික හමුදාවවිසින් සොයා ගෙන ඇත.

අම්පාර නින්දව්‍රර් මද්‍රසා පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි මෙම දරුවන් පාසල නිමවීමෙන් පසු නින්ද වූ සිට සමන්තුරේ දක්වා ධාවනය වන බසයකට ගොඩ ගොඩ වී නිවෙස් වලට යෑමට පිටත්ව තිබේ

බස් රථය අම්පාර කාර්ති වූ මාවඩිල්ලේ හන්දියට පැමිණ පැමිණෙන විට අධික වර්ෂාව නිසා එම මාර්ගය ජලයෙන් යටව පැවතීම හේතුවෙන් එම ස්ථානයෙන් එහාට බස් රථය ධාවනය කළ නොහැකි බව පවසා රියදුරු මහතා විසින් එම ස්ථානයේ බස් රථය නවතා තිබේ.

ඒ අවස්ථාවේ කිසිවක් කරකියා ගත නොහැකි පාසල් දරුවන් ඒ ආසන්නයෙන් ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථ දෙකකට ගොඩවි නිවෙස් බලා ගමන් ආරම්භ කර සුළු මොහොතක් ගතවන විට මෙම අනතුරට ලක්ව තිබේ

පළමුව ගමන් ආරම්භ කළ ටැක්ටරයට ගොඩ වූ දරුවන් ජලයෙන් යටව තිබූ ස්ථානයෙන් ගොඩ වුවත් ඊට පසුපසින් පැමිණි ට්‍රැක්ටරය ජල පහර සමඟ පෙරදී තිබේ.

ඒ වන විට දරුවන් එකොළොස් දෙනකු ට්‍රැක්ටරයේ සිට ඇති අතර ඉන් පස්දෙනෙකු ඒ අසල ලයිට් කණුවක එල්ලී සිටියදී ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන තිබෙන අතර සෙසු දරුවන් හය දෙනා ජල පහරට ගසාගෙන ගොස් ඇත.

පාසල් දරුවන් සමඟ ට්‍රැක්ටරයේ රියදුරු සහ එහි සහායක ද අතුරුදහන්ව සිටින අතර ඔවුන් දෙදෙනා ජලයට ගසාගෙන ගියේ ද එසේත් නැත්නම් පලා ගොස් ඇද්ද යන්න පිළිබඳව තවමත් තොරතුරුව ලැබී නැති බව පොලිසිය පවසයි.

අතුරුදහන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනෙකුගේ මළ සිරුරු මේ වන විට නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙන අතර සෙසු අය සොයා නාවික හමුදාවේ නිලධාරීන් විමර්ශන ආරම්භ කර තිබෙන බව පොලිසිය පවසයි.

Previous articleඅදානිට ඇමරිකාව ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉල්ලූ විවාදය නිසා දෙවැනි දිනටත් පාර්ලිමේන්තුව කල් තබයි
Next articleධාරාණිපාත වැසි නොතකා අස්වැසුම ගන්න පෝලිමේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here