Home අද බංග්ලාදේශය යථා තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකාවේ සහාය දෙනවා – ජනපතිගෙන් ප්‍රතිඥාවක්

බංග්ලාදේශය යථා තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකාවේ සහාය දෙනවා – ජනපතිගෙන් ප්‍රතිඥාවක්

8067
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බංග්ලාදේශ භාරකාර රජයේ ප්‍රධානියා වන මුහම්මද් යුනුස් මහතාට දුරකථනයෙන් අමතා සිය සුබ පැතුම් පිරිනමා තිබෙනවා.

මෙහිදි අදහස් දක්වමින් බංග්ලාදේශ ප්‍රධානියා ජනාධිපතිවරයාගේ සුබ පැතුමට ස්තූතිය පළ කර ඇති අතර අවස්ථාවක් ලද විගස බංග්ලාදේශ‍යට පැමිණ රට යථා තත්ත්වය ට පත් කිරීම සඳහා අවශ්‍ය මග පෙන්වීම කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

බංග්ලාදේශයේ නීතිය හා සාමය රැකීමට භාරකාර රජයේ ප්‍රධානියා ට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනාධිපතිවරයා එහිදී පවසා ඇති අතර බංග්ලාදේශයේ සිටින ශ්‍රී ලාංකික ආයෝජකයින්ට අඛණ්ඩව එහි රැඳී සිටිමින් සිය ආයෝජන කටයුතු සිදුකරන ලෙස තමා දැනුම් දුන් බවද ජනාධිපතිවරයා යූනුස් මහතා ට පවසා තිබේ.

ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ බංග්ලාදේශයට ආර්ථික වශයෙන් දියුණු වීමට ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සෑම උපකාරයක්ම සිදුකරන බවයි.

Previous articleහිටපු අමාත්‍ය මනූෂ වෙනුවෙන් පාක්ෂිකයෝ එක් වෙති
Next articleඅනුරගේ බුද්ධිය මදි නිසා කෘතිම බුද්ධියකින් මාලිමාවේ ප්‍රතිපත්ති ලියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here