Home අද මාලිමාවට සහය දෙන්න කැනඩාවේ සිට එන පළමු කණ්ඩායමට ජනතාවගෙන් දැඩි විරෝධයක්

මාලිමාවට සහය දෙන්න කැනඩාවේ සිට එන පළමු කණ්ඩායමට ජනතාවගෙන් දැඩි විරෝධයක්

47660
0

කැනඩාවේ සිට ජාතික ජන බලවේගයට සහාය දක්වමින් ශ්‍රී ලංකාව බලා එන ප්‍රථම කණ්ඩායම ලෙස NPP Canada ෆේස්බුක් පිටුව මඟින් පළකර ඇති ඡායාරූප කිහිපයකට මෙරට ජනතාවගේ දැඩි විරෝධයක් සමාජ මාධ්‍ය තුළම එල්ල වෙමින් පවතිනවා.

එය උපහාසයට ලක්කරමින් බොහෝමයක් සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් තමන්ගේ පෞද්ගලික ගිණුම් තුලද එය බෙදාහැර තිබුනා.

No description available.

No description available.

2019 මැතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා මෙලෙස විදෙස් ගත කණ්ඩායම් මෙරටට පැමිණ තමන්ගේ ඡන්දය භාවිතා කර නැවත වතාවක් තමන් සිටි විදෙස් රටවල් වලට පිටව ගිය අතර එම ඡන්ද වල ඵලවිපාක විඳින්නට සිදුවූයේ මෙරට ජනතාවට බව විරෝධය දක්වන පිරිස් කියා තිබෙනවා.

No description available.

No description available.

No description available.

 

විදෙස් රට වල සිට පැමිණි ඇතැම් පිරිස් ඡන්ද හිමි නාම ලේඛනයට පවා නම ඇතුලත් කර ඇත්දැයි දැක ඵල කරන ඇතැමුන් කියා සිටින්නේ 2019 වසරේ මෙවැනි කණ්ඩායම් ඡන්දය භාවිතා කර නැවත වතාවක් තමන් සිටි රටවල් වලටම ගොස් තම ජීවිතය සුපුරුදු ලෙස සතුටෙන් ඉදිරියට ගෙනයද්දී තෙල් පෝලිම්, බෙහෙත් පෝලිම්, පොහොර ප්‍රශ්න වලට මෙරට සිටි ජනතාවට මුහුණ දීමට සිදුවුන බවයි.

No description available.

 

ඡන්දය භාවිතා කිරීම තම තමන්ගේ පෞද්ගලික අයිතියක් බැවින් එයට ඕනෑම කෙනෙකුත නිදහස ඇති බවත් 2019 වසර මෙන් මෙවරද ගොඩ නැඟෙමින් සිටින රට නැවත වතාවක් ආපස්සට අද දැමීමට කටයුතු නොකරන ලෙස ඡන්ද දායකයන්ගෙන් මෙම කණ්ඩායමේ ඡායාරූප බෙදාහරින ඇතැම් පිරිස් අදහස් දක්වා තිබේ.

No description available.

Previous articleජනපතිගේ සහායට උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ කිහිපයක් එක්වෙයි
Next articleඔබට ඇහුම්කං දීලා, රටට ඇහුම්කං දීලා මම ඔබේ මතයට හිස නමමින් ජනපතිට සහාය දෙනවා – රෝහිත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here