Home අද අපේක්ෂකයින් 18 දෙනෙකුට නඩු – පොලිස් මූලස්‌ථානය!

අපේක්ෂකයින් 18 දෙනෙකුට නඩු – පොලිස් මූලස්‌ථානය!

134
0

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාරදී මැතිවරණ නීති කඩ කළ අපේක්ෂකයින් 18 දෙනෙකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර තිබෙන බව පොලිස් මූලස්‌ථානය පවසයි.

මැතිවරණ නීති කඩ කළ මෙම අපේක්ෂකයින් 18 දෙනා අත්අඩංගුවට ගෙන සිටින බවත් ඔවුන්ට නඩු පැවරීමට අදාළ කටයුතු මේ වන විට සිදුකරමින් සිටින බවත් එම පොලිස් නිලධාරියා අනාවරණය කළේය.

මාර්තු මස 03 වැනි දින සිට අද 17 උදෑසන දක්වා කාලය තුළ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතරින් ඇතැම් අපේක්ෂකයින් මැතිවරණ නීති අමතක කරමින් කටයුතු කර ඇති බව එම නිලධාරියා වැඩිදුරටත් කීය.

මොවුන්ට අමතරව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වලට අයත් ආධාර කරුවන් 62 ක් සහ වාහන 14 ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Previous articleමැතිවරණ නීති කඩන කතා එපා – මැකො ජනපතිට දන්වයි : ඒ පුවත බොරු – ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දන්වයි !
Next articleහෝටර්න් තැන්න අධි සංවේදී පරිසර කලාපයේදී, ප්‍රියාන් මැණික් ගෝන්නුන්ට බත් කවයි.!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here