ජාතික ජනබලවේගය ආණ්ඩුව හොරු ඇල්ලීම වැනි කටයුතු සිදුකරනුයේ, ගෙදර යනගමන් තවත් මොනවා හෝ ගෙනයනවා වැනි ආකරයට බව විදෙස් ඇමති විජිත හේරත් පවසයි.
ආණ්ඩුවේ මුළු බරම යොදා හොරු ඇල්ලීම ඇතුලු දූෂණ වංචා වලට දඬුවම් යෙදීමට දීමට ගියහොත් ආර්ථිකය බිඳවැටීමට හැකියාවක් ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විජිත හේරත් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ විද්‍යුත් නාලිකාවක් සමඟ පැවති දේශපාලන සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.
ආණ්ඩුව බලය ලබා ගත්තේ වසර 05ක් සඳහා වුව ද ජනතාව විශාල බලයක් ලබා දී බොහෝ දේ ඉක්මනින් බලාපොරොත්තු වන නමුත් කෙටි කාලීන , මධ්‍ය කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙලක් ඔස්සේ ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය .