2025 අයවැය විවාදය පැවති පෙබරවාරි 17 සිට මාර්තු 21 දක්වා කාලය තුළ පාර්ලිමේන්තුවේ රැස්වීම් 27 ටම 100% පැමිණීම වාර්තා කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනකු පමණක් බව වාර්තා වෙයි.
ඒ අතුරින් ජාතික ජනබලවේගය පක්ෂය නියෝජනය කරන්නේ මැති ඇමතිවරුන් තිදෙනෙකු පමණක් වීමද විශේෂයෙන් කැපීපෙනෙන සිදුවීමක් ව තිබේ.
manthri. Lk වෙබ් අඩවිය මේ බව වාර්තා කර ඇති අතර ආණ්ඩුවෙන් සිටින්නේ අගමැති හරිනි අමරසූරිය, අමාත්‍ය බිමල් රත්නායක, අගමැති සහ නියෝජ්‍ය කථානායක රිස්වි සාලි යන මන්ත්‍රීවරුන් තිදෙනා පමණි.
නමුත් විපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 7ක් අඛණ්ඩව අයවැය විවාද සඳහා සහභාගී ව තිබෙන අතර ඒ, ඩී.වී. චානක, දයාසිරි ජයසේකර, දිලිත් ජයවීර, ගයන්ත කරුණාතිලක, හේෂා විතානගේ, කේ. සුජිත් සංජය පෙරේරා, සහ රවී කරුණානායක ය.