Home අද පොහොට්ටුව කුමන තීරණයක් ගත්තද මගේ සහය ජනපතිට

පොහොට්ටුව කුමන තීරණයක් ගත්තද මගේ සහය ජනපතිට

1803
0

තීරණාත්මක අවස්ථාවේ රට බේරාගැනීමට නායකත්වය දුන් රනිල් වික්‍රමසිංහ මහතාට මෙවර ජනාධිපතිවරණයේ දී තම සහය ලබාදෙන බව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර තිබේ.

සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් තෙන්නකෝන් මහතා මේබව සඳහන් කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරය කුමන තීන්දුවක් ගත්තද තමා මේ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ සිටින බවද ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

තමන් නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් විසින් පක්ෂයෙන් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට කටයුතු කළත්, තමන්ට එය වැදගත් නොවන බවත් රට ඉතාම තීරණාත්මක අවස්ථාව්වෙදී බේරාගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඉදිරි ජනාධිපතිවරණයේදීත් සහයෝගය දක්වන බව රාජ්‍ය අමාත්‍යවරයා සිය නිල X ගිණුමේ සටහන තබමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයේදී වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අද(29දා) තීරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීම සඳහා පසුගියදා ගාල්ලේදී පැවති රැළියටද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සහභාගී විය.

https://x.com/PremiTennakoon/status/1817929967457701990

Previous articleරනිල්ගේ ජයග්‍රහණය තහවුරුයි – රාජපක්ෂලාගේ සහය වෙනත් අපේක්ෂකයෙකුට
Next articleපක්ෂ තීරණය නොතකා ජනපතිගේ සහායට පොහොට්ටු මැති ඇමති පිරිසක් රැස්වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here