“එක්ව ජයගමු” ඒකාබද්ධ පොදුජන මහා රැළිය, මීට සුළු මොහොතකට පෙර ගාල්ල නගර සභා ක්රීඩාංගනයේදී ආරම්භවිය.
මාතරින් ආරම්භ වු මෙම ජන හමුව මහනුවර , කඩවත පැවැත්වු අතර ගාල්ල දිස්ත්රික් ජනහමුව අද(27දා) දිනයේදි පැවැත්වෙයි.
මෙම හමුව සඳහා ආණ්ඩු පක්ෂ නියෝජනය කරන මැති ඇමතිවරුන් මෙන්ම ශ්රී ලංකා පොදුජන පෙරමුණ , සමගි ජනබල වේගය , එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ රැසක දේශපාලන නියෝජිතයෝ පිරිසක්ද අති විශාල ජනකායක්ද සහභාගීවී සිටිති.