ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා ඉලක්ක ගත ක්ෂේත්රවල රැකියා ලබාදීම සම්බන්ධයෙන් පෝලන්තයේ අවධානය යොමුව ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.
පෝලන්තයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව සිය “X” ගිණුමේ සටහනක් තබමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා දෙරට අතර ගිවිසුමක් යටතේ මෙලස රැකියා ලැබෙන බව සඳහන් කර තිබේ.
Poland to look at Sri Lankan workers in targeted sectors through a G2G agreement for employment. Visa facilitations to be eased too as i conclude a successful visit 🇱🇰 to Poland 🇵🇱. I thank my counterpart @sikorskiradek for proposing this novel initiative at my request @PolandMFA… pic.twitter.com/WlTnrMgGKJ
— M U M Ali Sabry (@alisabrypc) July 22, 2024
එමෙන්ම ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයට ඇතුළුවීමට වීසා පහසුකම් ලිහිල් කිරීමට ද එම සංචාරයේ දී අවධානය යොමුව තිබේ.
කෙසේවෙතත් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් පෝලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රතිචාරයන්ට ස්තූතිය පළ කරන බව ද විදේශ අමාත්‍යවරයා සිය “X” ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.