Home අද බයිඩන් ඉවත් වේ – අපේක්ෂකත්වය කමලාට

බයිඩන් ඉවත් වේ – අපේක්ෂකත්වය කමලාට

5372
0

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්  මහතා 2024 ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මහජනතාව මෙන්ම ඩිමොක්‍රටික් පාක්ෂිකයන් ඔහුගේ මානසික තීව්‍රතාවය සහ ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කිරීමේ හැකියාව කෙරෙහි විශ්වාසය නැතිවීමෙන් පසු එල්ලවු විරෝධතාවයන් හමුවේ බයිඩන් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.

ඔහු‌ගෙන් හිස්වන ජනාධිපති අපේක්ෂක ධුරය සදහා උප ජනාධිපතිනි කමලා හැරිස් නම්කරන බවද බයිඩන් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

එමෙන්ම 2025 ජනවාරි මාසයේදී ඔහුගේ ධූර කාලය අවසන් වන තෙක් ඔහු ඇමරිකාවේ ජනාධිපති සහ සේනාධිනායකයා ලෙස රැඳී සිටින බවත්, මේ සතියේ ජාතිය අමතනු ඇති බවත් ඇමරිකානු මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Previous articleනාමල් රාජපක්ෂ හරිම ජවසම්පන්නයි.! – සනත් නිශාන්තගේ බිරිඳ
Next articleරනිල්ගේ සහයට පොහොට්ටු මැති ඇමතිවරු 26ක් කඩවතට – නාමල්ට ගම්පහින් දෙකයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here