Home අද අත්දැකීම් නැති අයට වැල් පාලමේ යන්න බැහැ – ගම්පහ අපි කළගුණ සලකන්න...

අත්දැකීම් නැති අයට වැල් පාලමේ යන්න බැහැ – ගම්පහ අපි කළගුණ සලකන්න සුදානම්

826
0

 

ආර්ථික අර්බුදයෙන් බේරීමට රට වැල්පාලමක යමින් තිබෙන බව සියලු දෙනා පිළිගන්නා බවත් අත්දැකීම් නොමැති පුද්ගලයින්ට වැල්පාලමේ ගමන් කළ නොහැකි බවත් නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

කඩවත පැවැත්වෙන “එක්ව ජයගමු” රැළියට එක්වෙමින් අමාත්‍යවරයා මේබව සඳහන් කළේය.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද දේශපාලන ආරම්භකළේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බැවින් එතුමා ජනාධිපතිකරවීමට ගම්පහ ජනතාව කළගුණ සැලකීම්ට සුදානම් බවද රණතුංග මහතා කීවේය.

“ගම්පහ අපි කළ ගුණ සලකන්න සුදානම්. ඔබතුමාව වැඩිම ඡන්දයෙන් ඉහළම පුටුවේ තියන්න  අපි සුදානම්. ඔබතුමත් මුලින්ම ආවේ බියගමින්. අපිට ඒක අමතක නැහැ. අද අපේ රට වැල්පාලමේ යමින් සිටින බව හැමදෙනාම පිළිගන්නවා. වැල් පාලම අවදානම්. වැල් පාලමේ අත්හදා බැලීම් කරන්න බැහැ . ඒවගේම අත්දැකීම් නැති අයට වැල්පාලමේ යන්න බැහැ. රටේ ජනතාව වැල් පාලමෙන් එගොඩ කරන්න පුළුවන් ඔබට පමණයි ජනාධිපතිතුමනි හැකියාව තිබෙන්නේ.

පොහොට්ටුව අපි හැදුවේ ගමේ මිනිස්සුනගෙන් . අපි අමාරුවෙන් හදපු මේ පක්ෂය කාටවත් උගස් කරන්නේ නැතිවෙයි කියන බලාපෙරොත්තුව අපිට තියෙනා. එහෙම කරන්න එපා කියලා අපි නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා. “ යැයිද රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

Previous articleඅත්හදා බලන්න ගිහින් වරද්ද ගන්න එපා – හරීන්
Next articleආරාධනාවට නියම වෙලාවට පිළිතුරු දෙන්නම් – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here