Home අද ජනපතිතුමනි ඉදිරි වසර පහ තුළත් රටේ වගකීම භාරගන්න – මහින්දාන්නද

ජනපතිතුමනි ඉදිරි වසර පහ තුළත් රටේ වගකීම භාරගන්න – මහින්දාන්නද

606
0

සියලුම පක්ෂ එක්ව නිර්මාණය වු වේදිකාවක් ඉතිහාසයේ කිසිදු දිනක නිර්මාණය වී නොමැති බවත් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් නිර්මාණය වු මේ වේදිකාව සුවිශේෂි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දාන්නද අලුත්ගමගේ මහතා පැවසීය.

කඩවත පැවැත්වෙන එක්ව ජයගමු රැළියට එක්වෙමින් මන්ත්‍රීවරයා මේබව සඳහන් කළේය.

“මෙවැනි වේදිකාවක් අපි ඉතිහාසයේ කවදාවත් දැකලා නැහැ. මේ තුළ පොදුජන පෙරමුණ , මහජන පක්ෂය,  වතු කම්කරු කොංග්‍රසය ,වමේ දේශපාලන පක්ෂ ගණනාවක් වගේම එක්සත් ජාතික පක්ෂයත් එකතුවෙලා ඉන්නවා. ජනාධිපතිතුමාට මෙවැනි වේදිකාවක් ඉතිහාසයේ කවදාවත් හැදිලා නැහැ. සියලු දෙනා රට දාලා යන වෙලාවේ පොලිම් දිගුවෙන වෙලාවේ රටේ අභියෝගය භාරගත්තු නිසයි අපි ජනාධිපතිතුමගේ වේදිකාවට එකතු වුනේ.

ඔබතුමා ජනාධිපතිකම බාරගද්දි ඔබතුමා කොන්දේසි දැම්මේ නැහැ. ජනතාව බඩගින්නේ මැරෙන එක නැවැත්වීම පමණයි ඔබට තිබුණි එකම කොන්දේසිය. එලෙස කැපකිරීමක් කරපු ඔබතුමාට ඉදිරි වසර පහත් ලබාදෙන්න අපි කටයුතු කරනවා. අපිට දේශපානය කරන්න රට ඉතිරිවෙලා තියෙන්නේන ඔවේ. ඒ අභියෝගය භාරගන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමනි ඔබ පමණයි. මිට වඩා විශාල වේදිකාවක් ඔබ වෙනුවෙන් ඉදිරියේදී නිර්මාණය වෙනවා. මේවවසර දෙකක කාලයේ අභියෝගය මනා ලෙස ජයගත්තා වගේම රට ඉදිරියට ගෙනයාමේ අභියෝගය භාරගන්නා ලෙස අපි ජනාධිපතිතුමගෛන් ඉල්ලා සිටිනවා.

අද රටම සංචාරකයින්ගේන් පිරිලා . මේ විශ්වාසය ගොඩනැගුවේ ඔබතුමා. මේ වටපිටාව හැදුවේ ඔබතුමා. අපි මොනවනා කළත් අපිට ජීවත්වෙන්න රටක් තියෙන්න ඔනේ. මේ නිසා මේ වෙලාවේ අභියෝගය භාරගත්තු ජනාධිපතිතුමනි සියලු බලවේග එකවේදිකාවට ගෙනත් අති විශිෂ්ට ජයග්‍රහණයකින් රටේ මීලග ජනාධිපති බවට පත්වෙන්න රනිල් වික්‍රමසිංහ මහත්මාට හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය

Previous articleජනපති රනිල්ට කඩවතින් උණුසුම් පිළිගැනීමක්
Next articleඅත්හදා බලන්න ගිහින් වරද්ද ගන්න එපා – හරීන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here