Home අද හොරු අල්ලනවා කියපු මාලිමාව කලු සල්ලි සුදු කරන හැටි කියාදෙයි

හොරු අල්ලනවා කියපු මාලිමාව කලු සල්ලි සුදු කරන හැටි කියාදෙයි

1314
0

ජාතික ජනබලවේග ආණ්ඩුව යටතේ රාජ්‍ය ව්‍යාපෘති අරමුදලක් ආරම්භකරන බවත් ඒ සඳහා ඔනෑම කෙනෙකුට මුදල් ආයෝජනය කළ හැකි බවත් ජාතික ජනබල වේගයේ  ජාතික විධායක සභික සුනිල් හදුන්නෙත්ති මහතා පවසා තිබේ.

එම ව්‍යාපෘතිය සඳහා කලු සල්ලි උවද ආයෝජනය කිරීමට අවස්ථාව ඇති බවද හෙතෙම ප්‍රකාශ කර ඇති අතර එම මුදල් උපයාගත්තේ කෙසේදැයි සොයා බැලීමට තම පක්ෂයට කාලයක් නොමැති බවද හෙතෙම සඳහන් කර ඇත.

පොලොන්නරුවේ පැවති ජනහමුවකදී හෙතෙම මේබව ප්‍රකාශ කර තිබේ.

“අපි බලාපොරොත්තු වෙනවා අපේ පාලනය තුළ  රාජ්‍ය ව්‍යාපෘති අරමුදලක් ආරම්භකරන්න. මේ ක්‍රමය ඇතුළේ ජාතික ආර්ථිකයට දායක නොවුන ආර්ථික ක්‍රියාවලියට නීත්‍යානුකූලව එකතු නොවුන මිනිස්සුන්ගේ උපයපු සල්ලි තියෙනවා. ඒවා මේ වෙලාවෙදි කලු සල්ලි වෙන්න පුළුවන්.  නමුත් අපි විවෘතකරන රාජ්‍ය ව්‍යාපෘති අරමුදලට ලංකාවේ ඔනෑම කෙනෙකුට ආයෝජනය කරන්න පුළුවන් හැකියාව ලබාදෙනවා.  ඔවුන් ඒ මුදල් හොයපු ආකාරය අපිට හොය හොයා යන්න වෙළාවක් නැහැ.” යනුවෙන්ද ප්‍රකාශ කර ඇත

 

 

 

Previous articleඅලුත් ඡන්ද දායකයින් ලක්ෂ 10 ක්
Next articleසහල් මිල පහළට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here