Home අද කොළඹ මහල් නිවාසවල පවුල් 50,000කට “රන්දොර උරුමය” ලැබෙයි

කොළඹ මහල් නිවාසවල පවුල් 50,000කට “රන්දොර උරුමය” ලැබෙයි

914
0

ජනතාවට අද සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිය හැකි වාතාවරණයක් නිර්මාණය වී තිබෙන්නේ එදා ආර්ථික අර්බුදකාරී සමයේ ජනතාව තම ආණ්ඩුව පිළිබඳ විශ්වාසය තබා කටයුතු කිරීම නිසා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ, සුගතදාස ⁣ගෘහස්ත ක්‍රීඩාංගණයේදී 17 දා පැවති කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩුආදායම්ලාභී පවුල් 50,000කට සින්නකර ඔප්පු ලබාදීමේ “රන්දොර උරුමය” වැඩසටහනට එක්වෙමිනි.

May be an image of 2 people and crowd

May be an image of 6 people and text

බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

May be an image of 1 person, dais and text

May be an image of one or more people and crowd

ගමත්, නගරයත්, වතුකරයත් ආවරණය වන පරිදි ජනතාවට සින්නක්කර ඉඩම් සහ නිවාස අයිතිය ලබාදීමට කටයුතු කරන බවත්, කිසිදු ආණ්ඩුවක් ක්‍රියාත්මක නොකළ මෙම විප්ලවීය වැඩපිළිවෙල රජය ආරම්භ කළේ රටේ ජනතාවට සහනයක් ලබාදීමට බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව 2024 අයවැය යෝජනා මඟින් ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන සහ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ දෙක හමාරකට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි.

May be an image of 3 people, people studying, dais and text

මෙහි පළමු අදියර යටතේ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩුආදායම්ලාභී පවුල් 50,000කට සින්නකර ඔප්පු ලබාදීමට නියමිත අතර නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති නිවාස 937 ක් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ඇති නිවාස 180 ක් ඇතුළු හිමිකම් ඔප්පු 1117ක් ප්‍රදානය කිරීම අද සංකේතවත්ව සිදු විය.

May be an image of 11 people and text

ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියට අයත් මිහිඳු සෙත්පුර, සිරිසර උයන, මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණවල නිවැසියන්ට හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ඇති, මහල් නිවාස 31 නිවැසියන්ට මෙම “රන්දොර උරුමය” හිමිකම් ඔප්පු ලබා දීමට නියමිතය.

Previous articleරටේ ආර්ථිකය තවමත් පිහි දාරයක – ආචාර්ය හර්ෂ
Next articleඅපිටත් ඡන්දෙ දාන්න දෙන්න – සිරකරුවෝ උසාවි යයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here