Home අද අනුර කුමාරලා අපි සමඟ ආයුධ ගණුදෙනු සිදුකළා – පිල්ලෙයාන්

අනුර කුමාරලා අපි සමඟ ආයුධ ගණුදෙනු සිදුකළා – පිල්ලෙයාන්

3302
0

ජනතා විමුක්ති පෙරමුණ හා TMVP පක්ෂය අතර ( පිල්ලෙයාන් පාර්ශවය අතර) ආයුධ හුවමාරුවීම් සිදුව ති‌බෙන බව TMVP පක්ෂ නායක සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් අද මඩකලපුවේදී ප්‍රකාශ කළේය. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී කළ ප්‍රකාශයකට පිළිතුරක් ලෙස හෙතෙම අද මේ බව පවසා තිබුණි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා,

අනුර කුමාර දිසානායකලා තමයි අපිට මුලින්ම ආයුධ දුන්නේ. මගෙනුත් ඒ අය ආයුධ ඉල්ලලා තියෙනවා. ඒකාලේ ජවිපේ නායකයා අනුර කුමාර නෙවෙයි වෙන කෙනෙක්. අනුර කුමාර කිව්වා මම ජනතාවගේ නිදහසට බාධා කරනවා කියලා. එහෙමනම් මඩකලපුවෙන් වැඩිම මනාප මට ලැබෙන්නේ කොහොමද. රට හදන්න ඔනේ කියපු නායකයෙන් අපේ පළාතට ඇවිත් මෙහෙම කියපු එක වැරදියි. එයාල අපේ පක්ෂයටත් ආයුධ ලබාදුන්නා. අපි දෙගොල්ලො අතර ආයුධ ගණුදෙනු සිදුවෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙනුත් අවධානය යොමුකරන ලෙස මම අනුර කුමාරගෙන් ඉල්ලා සිටිනවා. යැයි සඳහන් කළේය.

පසුගියදා මුඩකලපුව දිස්ත්‍රික් ගුරු සමලුව අමතමින් අනුර කුමාර දිසානායක මහතා පැවසුයේ පිල්ලෙයාන් හෙවත් TMVP පක්ෂ නායක සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්ගෙන් මඩකලපුවේ ජනතාවට බාධා සිදුවන බවයි,

“මඩකලපුවේ ඇතැම් ප්‍රදේශවල ජනතාව බය කරන දේශපාලනයක් තිබෙනවා. ගුරුවරයෙක්ට රාජ්‍ය සේවකයෙක්ට කතාකරන්න බයයි. තමන් කැමති දේශපාලනයක යෙදෙන්න පුරවැසියට අයිතයක් තිබෙනවා. නමුත් මෙහෙ පිල්ලෙයාන්ට බය වෙන්න වෙලා තිබෙනවා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් සියලු අතුරු හමුදා නිරායුධ කරනවා. යැයි හෙතෙම ප්‍රකාශ කළේය.

Previous articleයුද පිටියේ වුවත් දේශපාලනයේ වුවත් SF සටන අතහරින්නේ නැහැ
Next articleනව දේශපාලන ගමනක් මාතරින් ආරම්භවේ – මැති ඇමතිවරුන් රැසක් රනිල් සමග එක්වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here