Home අද හිරුණිකා හිරේ යෑමේ වාසිය සජිත්ට

හිරුණිකා හිරේ යෑමේ වාසිය සජිත්ට

2616
0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත වසර 03ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබෙන අතර පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් චෝදනා 18කට අදාළව කොළඹ මහ අධිකරණය විසින් ඇය වරදකරු බවට ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම තීන්දුව ප්‍රකාශයට පත්වීමත් සමඟ මෙහි වැඩි වාසිය සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන තත්වයක් නිර්මාණය වී ඇත. එමෙන්ම මෙය අධිකරණයේ නඩු අසා ලබාදුන් තින්දුවක් වුවද එය ආණ්ඩුව විසින් සිදුකළ ලද්දක් බවට චෝදනා කිරීමේ අවස්ථාවද විපක්ෂයට හිමිවන සිදුවීමක් වී තිබේ. එමෙන්ම මේ සියල්ල හමුවේ මෙම සිදුවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දේශපාලණික වශයෙන් දැඩි අවාසි සහගත තත්වයක් නිර්මාණය කර ඇත.

සමගි ජන බලවේගයේ ප්‍රධාන පෙලේ සිටි කාන්තා චරිත දෙක තලතා අතුකෝරල සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වන අතර මේවනවිට තලතා අතුකෝරල මන්ත්‍රීවරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පලකිරීමට සුදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එබැවින් තලතා අතුකෝරල ද සජබ දේශපාලන වේදිකාව තුළ නිහඩ වී ඇත.

දේශපාලනික වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාව දැඩි ලෙස විවේචනය කරමින් සිටි කාන්තා චරිතයක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට මෙලෙස සිරදඩුවම් නියමකිරීම , ඇගේ කට වැසීමට ආණ්ඩු විසින් සිදුකළ එකක් බවට මතයක් ජනතාව අතර ඇති කිරිමට සජිත් ප්‍රේමදාස පාර්ශවයට මෙය ඉතා පහසුවෙන් භාවිතා කිරීමට අවස්ථාව නිර්මාණය වී තිබේ.
මේ අතර තවත් හේතුවක් නිසා මෙම සිදුවීමෙන් සජිත් ප්‍රේමදාස මහතාට වාසියක් සිදුවේ.

එනම් මීට මාසයකට පමණ පෙර මාධ්‍ය අමතමින් ප්‍රකාශයක් සිදුකරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුයේ සමගි ජනබල වේගයේ නායකයින් පිරිසක් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවීමට පෞද්ගලික නාළිකාවක සහය ලබාගනිමින් සිටින බවයි. එම නාළිකාවේ ප්‍රධානියාගේ ඥාතියකුට ජනාධිපති සමාව ලබාගැනීමේ අරමුණෙන් මෙලෙස ඔවුන් අතර එකඟතාවයකට පැමිණෙ ඇති බවද ඇය ප්‍රකාශ කළාය. කෙසේවෙතත් අවසනයේදී සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එම පිරිස හිරුණිකාද නැතිනම් ඒම පෞද්ගලික නාළිකාවද යන්න තෝරාගත යුතු බවද ඇය එහිදී ප්‍රකාශ කළාය.

සජිත් ප්‍රේමදාස පාර්ශවයට මෙම පෞද්ගලික නාළිකාව සමග සම්බන්ධතාවය ගොඩනගා ගැනීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දැඩි බාධාවක්ව තිබු අතර මෙලෙස සිර දඩුවම් නියමවීමත් සමග සජිත් ප්‍රේමදාස මහතාට එම බාධාවද ඉවත් වේ.

කෙසේවෙතත් මෙම සිරදඩුවම බරපත වැඩ සහිතව වසර 03 ක් දක්වා පනවා ඇති බැවින් මෙය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ දේශපාලනයටද බලපෑමක් ඇතිකරන සිදුවීමකි. මේ සඳහා අභියාචනා කිරීමේ හැකියාව ඇයට ඇති අතර එසේ අභියාචනය කරන ඉහළ අධිකරණයකදී නිදහස් වීමට හැකියාවක් නොමැති වුවහොත් බරපතල වැඩ සහිතව වසර 03 ක සිරදඩුවමක් ලැබීම හේතුවෙන් යළිත් ඇයට මැතිවරණයක් සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට ඇති අවස්ථාව අහිමි වේ. මැතිවරණයක් සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට අවස්ථාව ලබාගැනීමට නම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනාධිපති සමාව ලබාගැනීමට යොමුවිය යුතුව ඇත.

Previous articleඅපි කුහකයෝ නෙමෙයි – සුබ ආරංචිය ගැන හර්ෂත් සතුටින්
Next articleරැළි වලට රැවටිලා ගෝඨාභය පාර්ට් 2 ගේන්න එපා!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here