Home අද අවසානයේ ලැබූ පළමු ජය

අවසානයේ ලැබූ පළමු ජය

17193
0

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන අවසන් තරඟය  තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ ලකුණු 83කින් නෙදර්ලන්තය පරාජයට පත් කරමින්.

ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 06.00ට Daren Sammy National Cricket Stadium, Gros Islet, St Lucia හිදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා ගත් නෙදර්ලන්තය ශ්‍රී ලංකාවට පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 201ක් රැස් කිරීමට සමත් වුණා.එය මෙවර T20 ලෝක කුසලාන තරඟාවලියේ කණ්ඩායමක් ලැබූ ඉහලම ලකුණු සංඛ්‍යාවයි

කුසල් මෙන්ඩිස් ලකුණු 46(29)ක්ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 17(20)ක්ද, ධනංජය ද සිල්වා ලකුණු 34(26)ක්ද, චරිත් අසලංක ලකුණු 46(21)ක්ද, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 30(15)ක්ද, නායක වනිඳු හසරංග නොදැවී ලකුණු 20(06) ක්ද, රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ඇරඹු නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 16කුත් පන්දු 4ක් අවසානයේ ලකුණු 118කට සියලුදෙනා දවිගියා.

පන්දු යැවීමේදී නුවන් තුෂාර කඩුළු 3ක් දවාගත් අතර වනිඳු හසරංග සහ මතිෂ පතිරණ අතරේ කඩුළු 2 බැගින් සහ මහිෂ් තීක්ෂණ සහ දසුන් ශානක අතරේ එක කඩුල්ල බැඟින් බෙදී ගියා

Previous articleජනපති මන්නාරම රදගුරු හමුවෙයි – මන්නාරම සංවර්ධන සැලැස්ම ගැනත් කියයි
Next articleශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වනුයේ ඉදිරි වසර පහේ ආර්ථික ප්‍රතිපත්තිය මතයි – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here