Home අද අනුරට සජිත්ට හදිසියේම උතුර මතක් උනේ ඇයි?

අනුරට සජිත්ට හදිසියේම උතුර මතක් උනේ ඇයි?

1484
0

ජනාධිපතිවරණ සටන මුලින්ම ආරම්භකළ ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක  සහ සමගි ජනබලවේගයේ සජිත් ප්‍රේමදාස යන දෙදෙනාම මේදිනවල උතුරේ විවිධ දේශපාලණික  කටයුතු වල යේදී සිටින බව පෙනෙනන්ට තිබේ.

මෙතෙක් සිංහල ජන සමාජය දෙස වැඩි අවධානයක් යොමුකර තම දේශපාලන කටයුතු පවත්වාගෙන ගිය මෙම දෙපාර්ශවයම හදිසියේ 13 යළිත් බලාත්මක කරන බව පැවසීමටත් උතුරේ ජනතාවට සමානව සැලකීම පිළිබඳ කරුණු ඔවුන් මෙහිදී අවධාරණයට ලක්කරමින් සිටින බව නිරීක්ෂණය වේ .

මේ වනවිට ජනතාව අතර අනුර සහ සජිත් දෙදෙනාගේම ජනප්‍රියතාවය අඩුවී ඇති බවට ආසන්නතම සමීක්ෂණ වාර්තා කිහිපයකින්ම වාර්තාවීමත් සමග මෙම පිරිස උතුරේ ඡන්ද සඳහාද වැඩි අවධානයක් යොමුකර ඇති බව මේ අනුව බොහොම හොදින් පැහැදිලි වන බව දේශපාලන විචාරකයෝ අදහස් දක්වමින් පවසති.

සජිත් ප්‍රේමදාස උතුරේ ජනතාව අතරට ගොස් ජනතා ප්‍රශ්න පිළිබඳව කතාකිරීමද , ඒ අතර උතුරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගන ඇත්දැයි අසමින්  වැනි විහිලු සැපයීමද උනන්දුව වැඩිවි ඇති ආකාරය මොනවට කියාපායි.

එමෙන්ම අනුර කුමාර දිසානායක දෙමල ජාතික සන්ධානය ඇතුළු උතුරේ නායකයින් හමුවී සාකච්ඡා කිරීමද, විසඳුම් යෝජනා කිරීමද උනන්දුව වැඩිවීමේ කොටසකි.

එසේවුවද උතුරේ ප්‍රශ්නය විසඳීම , 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම ආදිය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය වසර අවසානයේදී දේශපාලන පක්ෂවල නායකයින් රැස්කර සර්ව පාක්ෂික හමුවක් පවත්වා කළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡාකිරීමට සැලසුම්කර තිබුණි. එම රැස්වීමට සහභාගීවීම මෙම දෙපාර්ශවයම එවකට ප්‍රතික්ශේප කර තිබුණු අතර උතුරේ දේශපාලන වාසි ලබාගැනීමට සුදාන්මවන බව පවසමින් රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කිරීමට ඔවුන් පෙළඹී තිබුණි.  ඔවුන් එම සාකච්ඡා සඳහා සහභාගී නොවීම හේතුවෙන්ම උතුරේ ප්‍රශ්නය විසඳීම තවදුරටත් කල්යන ස්වභාවයක් ගෙන තිබූණි.

කෙසේවෙතත් මෙවර ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදීගේ දිවුරුම්දීමේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරය ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදුන් ඉහළ සැලකිල්ල හමුවේ මෙම පක්ෂ දෙකම කලබල වී ඇති බව පෙනෙන්නට තිබේ. මේ නිසාම සිංහල ඡන්ද පදනම මෙන්ම දමිල ඡන්ද පදනම ද වැඩිකරගැනීමට අනුර සහ සජිත් මේදිනවල කලබලයෙන් කටයුතු කරන බව දේශපාලන විචාරකයින්ගේ අදහස වී තිබේ.

 

 

 

Previous articleජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ මගේ ජය, පැරදුම නොව රටේ ජය, පැරදුමයි – ජනපති
Next articleසාර්ක් මහලේකම් සහ ජනපති අතර හමුවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here