Home අද විදුලිබිලේ දැවැන්ත අඩුවීමක් අලුත් මිල ගණන් මෙන්න

විදුලිබිලේ දැවැන්ත අඩුවීමක් අලුත් මිල ගණන් මෙන්න

1422
0

ජූලි මාසයේ 1 වනදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.

ඒ අනුව ගෘහස්ත කාණ්ඩයේ පාරිභෝගිකයින්ට වැඩි සහනයක් ලබාදීමට නියමිත බවත් එම යෝජනාවට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

ඒ අනුව ඒකක 0 – 30 අතර ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා අඩු කිරීමට ද, ඒකක 30 – 60 අතර රුපියල් 20 සිට 9 දක්වා අඩු කිරීමටත්, ඒකක 60 – 90 රුපියල් 30 සිට 18 දක්වා අඩු කිරීමට ද, ඒකක 90- 180 රුපියල් 50 සිට 30 දක්වා අඩුකිරීමටත් යෝජනා කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

Previous articleවිදුලිබල පනත පිළිබඳ විවාදය ඇරඹේ
Next articleඅලුත් විදුලි පනතින් සමහරුන්ගේ බිස්නස් නැති වෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here