Home අද කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් විශේෂිත ණය යෝජනා ක්‍රමයක්

කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් විශේෂිත ණය යෝජනා ක්‍රමයක්

1275
0

මෙරට සිනමා කර්මාන්තයේ නියුතු කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් විශේෂිත ණය යෝජනා ක්‍රමයක් සකස් කිරීමට පියවර ගන්නා බව ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා පවසනවා.

එසේම සිනමා කර්මාන්තයේ සහ කලාකරුවන්ගේ උන්නතිය වෙනුවෙන් සුදුසු යෝජනා මාලාවක් සකස් කර රජයට ලබා දෙන ලෙස ද ඒ මහතා කලාකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ මෙරට සිනමාව නවීන ලෝකයට ගැළපෙන ලෙස යාවත්කාලීන කිරීම සහ ක්ෂේත්‍රයට සම්බන්ධ ශිල්පීන්ගේ වෘත්තීය අනාගතය සුරක්ෂිත කිරීම සම්බන්ධව පසුගියදා (02) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවට එක්වෙමිනි.

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහත්වරු ද මෙම සාකච්ඡාවට සහභාගි වූ අතර මෙහිදී සිනමා කර්මාන්තයේ පවතින ගැටලු පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගත් සමරකෝන්, චිත්‍රපට නිෂ්පාදකවරුන් වන පද්මසිරි කොඩිකාර, රාජ් රණසිංහ, රංගන ශිල්පීන් වන අර්ජුන් කමලනාත්, වසන්ත කුමාරවිල, නදීකා ගුණසේකර ඇතුළු සිනමා කර්මාන්තයේ නියුතු කලාකරුවෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Previous articleනිදහස් පක්ෂයේ වැඩබලන සභාපති පුටුව නිමල්ට
Next articleකාවින්දගෙන් ජනපති රනිල්ට සුපිරි භෝජන සංග්‍රහයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here