Home අද ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙයි

ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙයි

1414
0

අප්‍රේල් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සමාගමේ සභාපති, මුදිත පීරිස් මහතා මේ බව කියා සිටියා.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල 4,115කි.

කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,652කි.

කිලෝග්‍රෑම් 2.5ක සිලින්ඩරයක් මිල රුපියල් 23කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 772කි.

Previous articleමිනී මරලා ‘සොරි’ කියන අයට රට භාර දෙන්න එපා! – රෝහිණි කවිරත්න
Next articleමාස 3ට ලංකාවට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 6 ඉක්මවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here