Home අද වීසාවක් නිකුත් කිරීම කිසිදු පෞද්ගලික ආයතනයක් වෙත පවරා නැහැ – ආගමන හා...

වීසාවක් නිකුත් කිරීම කිසිදු පෞද්ගලික ආයතනයක් වෙත පවරා නැහැ – ආගමන හා විගමන පාලක

1657
0

 

විදේශිකයෙකු හට මෙරටට පැමිණීමේ වීසාවක් නිකුත් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති බලය හෝ එම කටයුතු, කිසිදු පෞද්ගලික ආයතනයක් වෙත පවරා නොමැති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්   අයි.එස්.එච්.ජේ.ඉළුක්පිටිය මහතා සඳහන් කළේය.

වීසා නිකුත් කිරීමත් කොම්පැනියකට මැයෙන් යුතුව පුවත්පත් කිහිපයක පළවූ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පෞද්ගලික ආයතනයකට පැවරූ බවට වන ප්‍රවෘත්තිය සම්බන්ධව නිවේදනයන් නිකුත් කරමින් හෙතෙමබමේ බව සඳහන් කළේය.

එමෙ නිවේදනයේ වැඩිදුරටත් මෙ‌සේ සඳහන් වේ.

1948 ආගමික හා විගාමික පනතින් විදේශිකයෙකු හට මෙරටට පැමිණීමේ වීසාවක් නිකුත් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති බලය හෝ එම කටයුතු, කිසිදු පෞද්ගලික ආයතනයක් වෙත පවරා නොමැති බව අවධාරණය කරමි.

ඉදිරියේදී හදුන්වා දීමට යෝජිත නව වීසා ක්‍රමවේදය අනුව වීසාවක් ඉල්ලුම් කිරීම සඳහා දෙපාර්තමේන්තු පිරිවිතරයන් අනුව මාර්ගගත ඉල්ලුම්පතක් හා අදාල තොරතුරු සහිතව වෙබ් අඩවියක් සකස් කර පවත්වාගෙන යාම පමණක් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව පෞද්ගලික ආයතනයකට පවරා ඇති අතර, අදාල වෙබ් අඩවිය මඟින් වීසා ඉල්ලුම්පතක් යොමු වු විට ඒ සඳහා වීසාවක් නිකුත් කරන්නේද/ නොකරන්නේද යන බව තීරණය කරනු ලබන්නේද, වීසාව නිකුත් කිරීම සිදු කරනු ලබන්නේද, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් පමණක් වන අතර ඒ සඳහා වන වීසා ගාස්තු ද ඒ ආකාරයෙන්ම අය කිරීම සිදුවේ. ඒ අනුව අදාල පුවත්පත් වල පළවූ ආකාරයෙන් වීසා ගාස්තු ලෙස අය කරන මුදල් කිසිදු පෞද්ගලික ආයතනයක් වෙත පැවරීමක් හෝ විසා නිකුත් කිරීමෙන් දෙපාර්තමේන්තුව වෙත ලැබෙන ආදායමෙහි කිසිදු අඩුවීමක් සිදු නොවන බව අවධාරණය කරන අතර, මාර්ගගතව වීසා පහසුකම් සැලසීම සඳහා අදාල ආයතනය සේවා ගාස්තුවක් පමණක් අය කරන අතර, එයද අය කරනු ලබන්නේ වීසා ඉල්ලුම්කරුවන්ගෙනි.

තවද මෙම ආයතනය මේ වන විට ලෝකයේ රටවල් ගණනාවක් සඳහා මෙම මාර්ගගත වීසා ඉල්ලුම් කිරීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරනු ලබන අතර, විදේශීය රටවල් ගණනාවක් සඳහා ශ්‍රී ලාංකිකයන් වීසා ඉල්ලුම් කිරීමේදී ද, එම ඉල්ලුම් කිරීමේ ක්‍රියාවලිය සඳහාද පහසුකම් සපයන ආයතනයකි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් පුවත්පත් වල පළවී ඇති ආකාරයෙන් වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතු බලතල අඩුවීමක් හෝ එම බලතල වෙනත් ආයතනයක් වෙත පැවරීමක් සිදු නොවන අතර, වීසා නිකුත් කිරීමෙන් ලැබෙන රජයේ ආදායම වෙනත් ආයතනයක් වෙත පැවරීමක් සිදු වී නොමැති බව දන්වා සිටිමි.

 

 

Previous articleනවෝත්පාදන හරහා ජනතාව නව ලොවට ගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන් බවට පත් කිරීම IIHS දැක්මයි – IIHS ප්‍රධාන විධායක නිලධාරි / නිර්මාතෘ / අධ්‍යයන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා
Next articleඅන්තර්ජාල ළම‍ා හිංසන මඬින මාර්ගගත ප්‍රවේශය එළිදකී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here