Home අද දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ජනපති අතින් විවෘත කෙරේ

දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ජනපති අතින් විවෘත කෙරේ

1170
0

දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල, කරාපිටියේ ඉදිකළ ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙර විවෘත කර තිබේ.

මහල් හයකින් යුක්ත මෙම රෝහල ඇඳන් 640කින්, ශල්‍යාගාර හයකින් සමන්විත වන අතර හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, ළදරු දැඩි සත්කාර ඒකක, විශේෂ ළමා ඒකක ඇතුළු සියලුම නවීන වෛද්‍ය පහසුකම්වලින් යුක්තය.

මේ සඳහා ජර්මන් රජය විසින් ලබාදී ඇති ණය ආධාර මුදල යුරෝ මිලියන විසි පහකි. (රුපියල් කෝටි 357කි)

මුල් අවස්ථාවේ රෝහල ඉදිකිරීම සඳහා පර්චස් අටසියයක් ලැබුණු අතර පසුව තවත් ඉඩම් කට්ටි දෙකක් ලැබීම නිසා රෝහල් භූමියේ වත්මන් ප්‍රමාණය පර්චස් දහසකට ආසන්න ය.

රෝහල විවෘත කිරීමෙන් පසු කරාපිටිය උපනගර සංවර්ධන කටයුතුද ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇත.

මෙම රෝහල ඉදිකිරීම සඳහා කටයුතු ආරම්භ කෙරුණේ ජර්මනියේ හිටපු චාන්සලර් හෙල්මුට් කෝල් මහතා නිවාඩුවක් ගතකිරීම සඳහා 2004 දෙසැම්බර් මාසයේ ලංකාවට පැමිණි අවස්ථාවේ දකුණු පළාතේ විශාලම මාතෘ රෝහල වූ ගාල්ල මහමෝදර රෝහලට සුනාමියෙන් සිදුවූ හානිය දැක අලුතෙන් මාතෘ රෝහලක් ඉදිකිරීම සඳහා පරිත්‍යාග කළ රුපියල් කෝටි 300ක මුදලකිනි.

ඒ අනුව, එවක අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා 2007 වසරේ මෙම නව රෝහලට මුල්ගල් තැබුවේ ය.

Previous articleණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අඛණ්ඩව සහාය දෙනවා – චීනයෙන් සහතිකයක්
Next articleජපන් නගරය හා පාවෙන වෙළඳපොළ ලෙස යළි පණ ගැන්වෙන පිටකොටුවේ Floating Market

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here