Home අද අවම මාසික වැටුප රු. 17,500යි – දිනක වැටුප රු. 700යි

අවම මාසික වැටුප රු. 17,500යි – දිනක වැටුප රු. 700යි

817
0

රුපියල් 12,500ක් වන ජාතික අවම වැටුප රුපියල් 17,500ක් දක්වාත් රුපියල් 500ක් වන දෛනික වැටුප රුපියල් 700ක් දක්වාත් ඉහළ නැංවීමට රජය තීරණය කර තිබෙනවා.

සේවකයකු ලබන රුපියල් 12,500ක් වන අවම වැටුප මේ අනුව රුපියල් 5000කින් ඉහළ නැංවෙනු ඇත. එසේම රුපියල් 500ක දෛනික වැටුප් ලබන්නකුගේ වැටුප රුපියල් 200කින් ඉහළ නැංවේ.

ඕනෑම කර්මාන්තයක සියලු සේවකයන්ගේ අවම මාසික වැටුප සහ දෛනික වැටුප ඉහළ නැංවීමට හැකි වන පරිදි 2016 අංක 03 දරන ජාතික අවම වැටුප් පනත සංශෝධනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (25) රැස් වූ කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය පළ වී ඇති අතර ඒ අනුව මෙසේ අවම වැටුප සංශෝධනය කෙරේ.

කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායන් (SMEs) නියෝජනය කරන වෘත්තීය සමිති සහ ජාතික කම්කරු උපදේශක සභාව විසින් පත් කරන ලද සේවකයන්ගේ ත්‍රෛපාර්ශ්වික අනුකමිටුව විසින් මෙය නිර්දේශ කර තිබිණි.

කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

Previous articleපිට රටට පොල්ව­තුර විකුණා පෙබරවාරියේ රුපියල් මිලි­යන 3,439ක්
Next articleණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අඛණ්ඩව සහාය දෙනවා – චීනයෙන් සහතිකයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here