Home අද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අඛණ්ඩව සහාය දෙනවා – චීනයෙන් සහතිකයක්

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අඛණ්ඩව සහාය දෙනවා – චීනයෙන් සහතිකයක්

2747
0

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට චීනය අඛණ්ඩව සහය වන බවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීමට සහාය වන බවත් චීන අග්‍රාමාත්‍ය ලි කියැන් (Li Qiang) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට සහතික වී තිබෙනවා.

බීජිං හි ඊයේ(26) පැවති ඉහළ පෙළේ ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී චීන අග්‍රාමාත්‍යවරයා ආර්ථික පසුබෑමකින් පසු ශ්‍රී ලංකාව අත් කරගත් ආර්ථික ප්‍රගතිය අගය කළේය. “චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා ඔබ සහ ඔබේ පවුලේ අය අඛණ්ඩව කටයුතු කළා” යනුවෙන් පවසමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ඔහු සිය කෘතඥතාව පළ කළේය.

ශ්‍රී ලංකාව ‘එක් චීනයක්’ ප්‍රතිපත්තිය අඛණ්ඩව අනුගමනය කරන බවත් ජාත්‍යන්තර සමුළුවලදී චීනයට සහාය දක්වන බවත් ඔහු පෙන්වා දුන්නේය. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, හම්බන්තොට වරාය සහ කොළඹ වරාය නගරය සංවර්ධනය කිරීම සඳහා තම රට සහාය දෙන බව අග්‍රාමාත්‍ය ලි කීයැන් පැවසීය.

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය වෙනුවෙන් පෙනී සිටීම සහ ජාත්‍යන්තර දේශපාලන ප්‍රශ්න හෝ ආර්ථික ගැටලුවලට මුහුණ දෙන විට ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා චීනයට ස්තූතිය පළ කළේය.

මෙම අවස්ථාවට මහජන චීන සමූහාණ්ඩුවේ අමාත්‍යවරු, ශ්‍රී ලංකා රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Previous articleඅවම මාසික වැටුප රු. 17,500යි – දිනක වැටුප රු. 700යි
Next articleදකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ජනපති අතින් විවෘත කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here