Home අද රාජ්‍ය සේවකයන් වැඩි කළ රු.10,000 අප්‍රේල් වැටුප සමගින්

රාජ්‍ය සේවකයන් වැඩි කළ රු.10,000 අප්‍රේල් වැටුප සමගින්

1039
0

මෙවර අයවැය මගින් රාජ්‍ය සේවකයන් සඳහා වැඩි කළ රුපියල් 10,000ක මුදල ලබන අප්‍රේල් මාසයේ සිට වැටුපට එක් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ අනුව සියලු රාජ්‍ය සේවකයන්ට මාර්තු මාසයේ වැටුප ගෙවීමෙන් අනතුරුව , අප්‍රේල් මාසයේ වැටුපද එම මාසයේ 10 වන දිනට පෙර ගෙවීමට සුදානම් බවත්, අයවැය යෝජනාවල සඳහන් ආකාරයට රාජ්‍ය සේවකයන්ට වැඩි කළ රු.10,000 ම අප්‍රේල් මාසයේ සිට එම වැටුපට එකතුකොට ගෙවීමට කටයුතු කරන බවත් රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.

එසේම විශ්‍රාමිකයන් සඳහා වැඩිකළ රු. 2,500 ක මුදල ද අප්‍රේල් මාසයේ සිට ලබාදෙන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත.

Previous articleදකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ජනතා අයිතියට ලබාදීමට සුදානම්
Next articleපිට රටට පොල්ව­තුර විකුණා පෙබරවාරියේ රුපියල් මිලි­යන 3,439ක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here