Home අද පාස්කු ප්‍රහාරය කළේ කවුද කියන්න මෛත්‍රිපාල සී.අයි.ඩීයට

පාස්කු ප්‍රහාරය කළේ කවුද කියන්න මෛත්‍රිපාල සී.අයි.ඩීයට

2885
0

පාස්කුදා ශ්‍රි ලංකාවට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව සිදුකළ පුද්ගලයන් කවුදැයි තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව එම ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (25) පෙරවරු 10.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සත්‍ය වශයෙන්ම තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා (22) මහනුවරදී පැවැති උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් සිදුකර තිබිණ.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට උපදෙස් දී ඇති අතර ඵ් අනුව පොලිස්පතිවරයා එම ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

ඵ් අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නියමිතය.

Previous articleපාස්කු ප්‍රහාරය කළේ කවුද කියල ඇත්තටම මම දන්නවා – මෛත්‍රීපාල
Next articleවිදේශිකයන්ට ගුවන් තොටුපළේදීම මෙරට රියදුරු බලපත්‍රය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here