Home අද “අපි කවදාවත් ජනතාව රවට්ටන්නේ නෑ” – ඇමරිකාවේ සිට දිවයිනට පැමිණි බැසිල් කියයි

“අපි කවදාවත් ජනතාව රවට්ටන්නේ නෑ” – ඇමරිකාවේ සිට දිවයිනට පැමිණි බැසිල් කියයි

3127
0

තම පක්ෂය කිසිදිනක ජනතාව රැවටීමට උත්සාහ කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසනවා.

අද (05) උදෑසන බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට දිවයිනට පැමිණි ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

ඒ මහතාව පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාගර කාරියවසම්, එස්.එම්. චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග සහ අරුන්දික ප්‍රනාන්දු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එමෙන්ම තමා නැවත වතාවක් පාර්ලිමේන්තු ඒමට කිසිදු අදහසක් නොමැති බව ද පැවසු ඒ මහතා කුමන මැතිවරණයක් පැමිණියක් එහි සංවිධාන කටයුතු තමා විසින් සිදුකරන බව ද මෙහිදී සඳහන් කළේය.

වෙනසක් අවශ්‍ය තැන්වලදි එය සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් පැවසු බැසිල් රාජපක්ෂ, සෑම මැතිවරණයක්ම අභියෝගයක් බව ද පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“අපි කවදාවත් ජනතාව රවට්ටන්නේ නෑ. ජනතාව කියන දේ තමා කරන්නේ. අපිට සමහර තැන්වලදි වැරදෙනවා. ජනතාව අපි කියන දේ පිළිගන්නේ නෑ. සමහර වෙලාවට ජනතාව කියන දේ අපි පිළිගත්තේ නැති අවස්ථා තියෙනවා. ඒවා නිවැරදි කරගෙන යනවා.”

Previous articleඋද්දිකගේ අඩුව පුරවනන නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි
Next articleදකුණු කොරියාවේ රැකියා ගැන අවසන් තීන්දුවක් ගෙන නැහැ. ජාවාරම්කරුවන්ට මුදල් දෙන්න එපා!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here