Home අද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට  කථානායකවරයාගේ සහතිකය හිමි වෙයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට  කථානායකවරයාගේ සහතිකය හිමි වෙයි

2163
0

පසුගිය ජනවාරි 23 සහ 24 දෙදින පාර්ලිමේන්තුවේ විවාද කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත කරනු ලැබූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට  අද (01) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කළේය.

 

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2024 අංක 9 දරන  මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ  පනත ලෙස බලාත්මක වේ.

 

එමෙන්ම පාර්ලිමේන්තුවේ විවාද කොට සංශෝධන සහිතව ජනවාරි 09 දින  සම්මතවූ  ජාතික ජලශාස්ත්‍රීය සහ ජනවාරි මස  10 වැනි දින  සම්මතවූ   අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පත් ද්විත්වයට ද  මෙහිදී  කථානායකවරයාගේ සහතිකය හිමිවිය.

 

ඒ අනුව උක්ත පනත් කෙටුම්පත්  2024 අංක 7 දරන ජාතික ජලශාස්ත්‍රීය පනත සහ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත ලෙස බලාත්මක වනු ඇත.

Previous articleරණවිරුවෙක් කියලා ගෝඨාවයි ආර්ථික විශේෂඥයෙක් කියලා කබ්රාල්වයි, සජිත් SJB එකට ගනියි – SF
Next articleජනවාරියේ මෙරටට පැමිණි සංචාරකයින් දෙලක්ෂය ඉක්මවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here