Home අද VAT ලියාපදිංචි සහතිකය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

VAT ලියාපදිංචි සහතිකය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

20162
0

VAT ලියාපදිංචි සහතිකය ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ව්‍යාපාර ආයතනවලට නිකුත්කර ඇති වැට් ලියාපදිංචි සහතිකය ව්‍යාපාර ආයතනය තුළ පැහැදිලිව පෙනෙන ලෙස ප්‍රදර්ශනය කර තිබීම අනිවාර්ය කර තිබෙනවා.

යම් ආයතනයක ප්‍රාදේශීය ශාඛාවලද එම සහතිකයේ ඡායා පිටපතක් ප්‍රදර්ශනය කළ යුතු බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

මේ අතර ලියාපදිංචි වී ඇති සෑම නිෂ්පාදකයෙකුම, ආනයනකරුවෙකුම, සේවා සපයන්නෙකු සහ ටෙන්ඩර් ගිවිසුම් යටතේ භාණ්ඩ සැපයුම් සිදුකරන්නෙකුම සිය ලියාපදිංචි අංකය සැපයුම් ලදුපතේ පැහැදිලිව පෙනෙන සේ සටහන් කළ යුතු වනවා.

Previous articleසුදුසුකම් සපුරන තවත් පවුල් ලක්ෂ දහයකට අස්වැසුම
Next articleදැන් උදා වී ඇත්තේ ජනතාව බේරාගැනීමේ අවසන් අවස්ථාවයි ඒ සදහා හැකියාවක් ඇත්තේ ජනාධිපතිතුමාට පමණයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here