Home අද ශ්‍රී ලංකා ටෙලිකොම්හි ආයෝජනයට ජාත්‍යන්තර සමාගම් 03ක්

ශ්‍රී ලංකා ටෙලිකොම්හි ආයෝජනයට ජාත්‍යන්තර සමාගම් 03ක්

2995
0

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්හිසී හි ආයෝජනයට සුදුසුකම් සපිරූ ජාත්‍යන්තර සමාගම් 03ක් තෝරාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රජයේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් 2023 නොවැම්බර් 10 වැනි දින ජාත්‍යන්තර සහ දේශීය මාධ්‍ය හරහා ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි ආයෝජනය සඳහා ආයෝජකයින්ට දැනුවත් කිරීමක් කරන ලද අතර ඔවුන්ගේ සුදුසුකම් ඉල්ලීමක් සිදුකරන ලදී.

ඒවා ඉදිරිපත් කිරීමේ අවසාන දිනය 2024 ජනවාරි 12 සිකුරාදා පස්වරු 2.00 න් අවසන් විය.

ලැබුණු අයඳුම් පත්‍ර විශේෂ කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවක් විසින් සලකා බලන ලදී.

එහිදී සුදුසුකම් සපුරන ලද පහත පාර්ශවයන් 03 තෝරාගෙන තිබෙනවා.

  1. Jio Platforms Ltd, Gujrat, India
  2. Gortune International Investment Holding Ltd c/o Capital Alliance Limited
  3. Pettigo Comercio International LDA c/o NDB Investment Bank Ltd

2023 ජූලි මාසම් පීඑල්සී හි ශ්‍රී ලංකා රජය සතු කොටස් බෙදා හැරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ගනුදෙනු උපදේශකයන් ලෙස ක්‍රියා කරනු ලබනවා.

 

No description available.

Previous articleලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමට ජනපති හෙට ස්විස්ටර්ලන්තයට
Next article2024 වසරේදී සංචාරකයන් ඉලක්කය ලක්ෂ 20ක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here