Home අද ඉදිරියේදී කවුරු රට පාලනය කළත් IMF එකඟතා අනුව කටයුතු කළ යුතුයි –...

ඉදිරියේදී කවුරු රට පාලනය කළත් IMF එකඟතා අනුව කටයුතු කළ යුතුයි – මහ බැංකු අධිපති

1068
0

වත්මන් රජය නොව කුමන රජයක් බලයට පත්වුවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන ඇති එකඟතාවන්ට අනුව කටයුතු කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ප්‍රතිපත්ති ප්‍රකාශය අද ඉදිරිපත් කරමින් මහබැංකු අධිවතිවරයා මේ බව පැවැසීය.

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකණය සම්න්ධයෙන් ඉදිරි මස දෙක ඇතුළත ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මේ වන විට නිල ණය හිමියන් සහ චීන එක්සීම් බැංකුව සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණ අවසන් අතර අනෙකුත් ණය හිමියන් සමග සාර්ථකව සාකච්ඡා පවත්වන බව ද වීරසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“උපයෝගීතා අංශයේ පිරිවැය නිරූපනය වන මිල සැකසුම, රජය සතු ව්‍යාපාර ප්‍රධාන වශයෙන් ඛනිජ තෙල් සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය මඟින් ක්‍රියාවට නංවනු ලැබීම, රජය මඟින් පසුගිය වසරේ හඳුන්වා දුන් වැදගත් ප්‍රතිසංස්කරණ වනවා. අනෙක් කාරණය වන්නේ ස්වෛරීත්ව ණය අර්බුදය විසඳීම සඳහා පියවර ගැනීමයි. රජය විසින් පසුගිය වසරේ අගෝස්තු – සැප්තැම්බර් කාලයේදී දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක ලෙස සම්පූර්ණ කරනු ලැබුවා. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සැලකූවිට නිල ණය හිමියන්ගේ කමිටුව සහ චීන එක්සීම් බැංකුව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණියා. ඒ අතරතුර අනෙකුත් ණය හිමියන්, වාණිජ ණය හිමියන් සමග සද්භාවයෙන් යුත් සාකච්ඡා තවදුරටත් පැවැත්වෙනවා. එහිදී ඉදිරි මාස දෙක තුළ හැකි ඉක්මනින් ප්‍රතිපත්තිමය එකඟතාවයට පැමිණීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරනවා.”

Previous articleරජයේ සේවකයින්ට 8.30 – 4.15 සේවය අනිවාර්යයි – මහජන දිනයේ නිවාඩු නෑ
Next article‍ජනපතිගේ උපදෙස් මත අස්වැසුමෙන් පවුල් ලක්ෂ 24කට සහන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here