Home අද චමින්ද ඉල්ලා අස්වුනේ ලක්ෂ 900 ක් අරගෙන? – මහින්දානන්ද

චමින්ද ඉල්ලා අස්වුනේ ලක්ෂ 900 ක් අරගෙන? – මහින්දානන්ද

1733
0

චමින්ද විජේසිරි  මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ ලක්ෂ 900 ක් ගෙන බවට පුවත්පත්වල සඳහන්වන බැවින් මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

විජේසිරි මහතාගේ ප්‍රකාශ නිසා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සියලු දෙනා හෑල්ලුවට ලක්ව ඇති බවද පැවසු මන්ත්‍රීවරයා මෙසේද කීවේය,

“ඊයේ ඉල්ලා අස්වුන මන්ත්‍රීවරයා කිව්වේ එතුමට ළමයි ඉස්කොලේ යවන්න බැහැ , එතුමට පාරේ යන්න බැහැ ඒ නිසා කළකිරිලා ඉල්ලා අස්වෙනවා කියලා. මන්ත්‍රීවරු සියලු දෙනා හෑල්ලු කරමින් මාධ්‍ය ඒක හුවා දක්වලා තියෙනවා.  නමුත් අපිත් පාරේ යනවා මින්ස්සු අතර ඉන්නවා අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමේන් පසුව ඊලඟට පාර්ලිමේන්තු එන්නේ ද්විත්ව පුරවැසියෙක්. මේ මන්ත්‍රීවරයා ඉල්ලා අස්වුනේ ලක්ෂ 900 ක් අර‌ගෙන කියලා පත්තරේ තියෙනවා. මේ ප්‍රකාශය අපිට හොද නැහැ. ද්විත්වපුරවැසියන්ට පාර්ලිමේන්තු එන්නත් ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන්නත් මේ කරන ප්‍රකාශ හොද නැහැ ඒගැන හොයා බලන්න කියා මම  ඉල්ලා සිටිනවා.

 

Previous articleරනිල් 2024 ජනපති සටනට
Next articleවිපක්ෂය හිතන විදියේ බරපතල දෙයක් VAT නිසා රටට වෙලා නෑ – මුදල් රාජ්‍ය අමාත්‍ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here