Home අද 2024 වසරේ සියයට 03 ඉක්මවු ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරනවා – මහබැංකුව

2024 වසරේ සියයට 03 ඉක්මවු ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරනවා – මහබැංකුව

5697
0

2024 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ  ධන  වර්ධන වේගයක් බලාපොරොත්තු විය හැකි බවත් එය බොහෝවිට 3% ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.

ලබන වසර ආරම්භයේ උද්ධනමය සුළු වැඩිවීමක් සිදුවුනු ඇති බවත් එසේ උවද  තුන්වන කාර්තුවෙන් පසුව  යළිත් එය පහළට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය.

මේ වසරේ (2023) තුන්වන කාර්තුව වන විට ශ්‍රී ලංකාව 1.6% ක ආර්ථික වර්ධන වේගයක් අත්පත්කරගෙන ඇති බැවින් හතරවන කාර්තුවේදී එය 2% ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන බවද  ලබන වසරේදී එය තවදුරටත් වැඩිවනු ඇති බවට අපේක්ෂා කළ හැකි බවද ඒ මහතා කීවේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු හරිස්චන්ද්‍ර මහතා ,

“මේවනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ධන වර්ධන වේගයක් අත්පත් කරගෙන තිබෙනවා.  මේ වසරේ තුත්වන කාර්තුවේ  ආර්ථිකය 1.6% වර්ධන වේගයක් අත්පත්කරගෙන තිබෙනවා. හතරවන කාර්තුවේ දී ඒය තවත් වැඩිවෙනවා. 2024 වසර තුළත් ධන ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. 2023 වස‌රේ හතරවන කාර්තුවේ වර්ධන වේගය නිරීක්ෂණය කිරිමෙන් පසුව ඒගැන නිශ්චිත ප්‍රකාශයක් කරන්න පුළුවන්. කොහොමඋනත්  2023 වසරේ හතරවන කාර්තුවේ 2% වැඩි ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ අනුව 2024 වසරේදී 3% ට වඩා වැඩි වර්ධන වේගයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාව 2024 වර්ෂයේ 1.8% වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් අත්පත්කර ගන්නා බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් (IMF) ඔවුන්ගේ වාර්තාවෙන් ප්‍රකාශ කර තිබුණා .” යැයි පැවසීය.

Previous article2024 මුල සිට ඉන්ධන සහ ගෑස් සඳහා වරාය හා ගුවන් තොටුපොළ බදු ඉවතට
Next articleනිවැරදි තීන්දු තීරණ සමඟ 2024 වසරේදී ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here