Home අද සීතල දෙසැම්බරයේ සංචාරකයින්ගේ පැමිණීමේ කැපී පෙනෙන වෙනසක්

සීතල දෙසැම්බරයේ සංචාරකයින්ගේ පැමිණීමේ කැපී පෙනෙන වෙනසක්

1722
0

දෙසැම්බර් මාසයේ පළමු දින 10 තුළ පමණක් 50,000කට අධික සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එම අධිකාරිය පෙන්වා දෙන්නේ, අදාළ කාලය තුළ සංචාරකයින් 57,394 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි.

ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එම සංඛ්‍යාව 11,442කි.

රුසියාවෙන් සංචාරකයින් 8,004 දෙනෙකු ද බ්‍රිතාන්‍යයෙන් 5,991 දෙනෙකු ද ජර්මනියෙන් 5,336 දෙනෙකු ද චීනයෙන් 2,894 දෙනෙකු ද දෙසැම්බර් මාසයේ පළමු දින 10 තුළ දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර තිබෙනවා.

ඒ අනුව 2023 වසරේ ගත වූ කාලය තුළ සංචාරකයින් දහතුන් ලක්ෂ තිස් හතර දහස් තුන්සිය හතළිස් පස් දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

Previous articleඅයවැය තුන්වන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
Next articleඩොලර් මවන Sri Lanka Sweet Coconut.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here