Home අද ඝණ පුර්ණය නොමැතිවීමෙන් පාර්ලිමේන්තුව කල්තියයි

ඝණ පුර්ණය නොමැතිවීමෙන් පාර්ලිමේන්තුව කල්තියයි

2689
0

පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට අවශ්‍ය අවම මන්ත්‍රීවරුන් ප්‍රමාණය වන මන්ත්‍රීවරුන් 20 කු සභාවට නොපැමිණිම නිසා පාර්ලිමේන්තු විවාදය පවත්වාගෙන යාමට නොහැකි වීමෙන් පාර්ලිමේන්තුව කල්තැබීමට නියෝජ්‍ය කතානායකවරයා අද(10දා) අද කටයුතු කළේය.

වැට් බදු වැඩිකිරීමට අදාළ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී විවාද කළ අතර එහිදී විපක්ෂ මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා විසින් ඝණ පුර්ණ ප්‍රශ්නය මතුකළ අතර විපක්ෂ මන්ත්‍රීවරුන් එහිදී සභාගැබෙන් ඉවත් විය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 20 කු නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තුව කල්තැබීමට කටයුතු කළේය. විවාදය පස්වරු 4.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබිණි.

Previous articleමිහින්තලේ හිමියන්ට සැක නිසා පුදබිමේ ආරක්ෂ අංශයේ 252 කු වහාම ඉවත් කිරීමට රජය තීරණය කරයි
Next articleVAT බදු සංශෝධනය අද යළිත් පාර්ලිමේන්තුවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here