Home අද විපක්ෂ නායක ඉල්ලා අස්වෙනවාද? – මහින්දානන්ද

විපක්ෂ නායක ඉල්ලා අස්වෙනවාද? – මහින්දානන්ද

2244
0

සෑම දිනකම පාර්ලිමේන්තුවේ උදෑසන වැඩි වේලාවක් අදහස් දක්වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(07දා) පාර්ලිමේන්තුව තුළ නොසිටින්නේ ඇයි දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රශ්න කළේය.

තමා රජයේ මුදල් පෞද්ගලික පරිහරණය සඳහා යොදවාගෙන ඇති බවට ඔප්පු කළෙහොත් පාර්ලිමේන්තුවෙන්  ඉල්ලා අස්වෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ(06දා) ප්‍රකාශ කළේය.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය ධුරය දරන කාලය තුළ රජයේ මුදල් වියදම්කරමින් ඔහුගේ බිරිදගේ ව්‍යාපාරික ස්ථානයට සේවකයින් යොදවා ඇති බවට විගණන වාර්තාවකින් අනාවරණය වී ඇති බව මහින්දාන්න මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

එම විගණන වාර්තාව පිළිගත නොහැකි බව ඒඅවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු නොපැමිණියේ ඇයිදැයි සොයාබැලීමට තමාට හැකියාවක් නොමැති බව කථානායක මහින්ද යාපා මහතා ඒ අවස්ථාවේදී පැවසීය.

 

Previous articleමත්තල ගුවන් තොටුපොළේ මෙහෙයුම් රුසියා – ඉන්දීය ඒකාබද්ධ සමාගමකට
Next articleමන්ත්‍රී වඩිවේල් සුරේෂ්ට ජනාධිපති උපදේශක තනතුරක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here