Home අද විදේශිකයින්ට ශ්‍රී ලංකාවේ රැකියා කිරිමට ඉඩ දිය යුතුයි – ජාතික ජනබලවේගය

විදේශිකයින්ට ශ්‍රී ලංකාවේ රැකියා කිරිමට ඉඩ දිය යුතුයි – ජාතික ජනබලවේගය

1799
0

විදේශිකයින්ට ශ්‍රී ලංකාවේ රැකියා කිරිමට ඉඩ දිය යුතු බව ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික චතුරංග අබේසිංහ මහතා පවසා තිබේ. රූපවාහිනි සාකච්ඡාවට එක්වෙමින් ඒමහතා මේබව පවසා ඇති අතර ජාතික ජනබල වේගයේ රජයක් තුළ  ලාංකිකයින්ට විදෙස් ගතවී අධ්‍යාපනය හැදැරීමට මෙන්ම විදේශිකයින්ට මෙරටට පැමිණ වැඩකිරීමට අවස්ථාව තිබෙන බව එහිදී හෙතෙම සඳහන් කරයි.

“නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කළ වහාම අපි හිතනවා ශ්‍රී ලාංකිකයින්ට පමණක් නොවෙයි විදේශිකයින්ටත් මෙරටට පැමිණිය හැකියි. අපේ දැක්කම එයයි. විශ්වීය මානව හැකියාවන් අපි සීමා නොකළ යුතුයි. අපි පැහැදිලිව කියනවා ශ්‍රි ලාංකිකයින්ට පුළුවන් විදෙස්ගතවෙලා අධ්‍යාපනය ලබන්න  රැකියා කරන්න. ප්‍රමාණවත් කම්කරුවෝ නොමැතිනම්  ඒරටවල අධ්‍යාපනය ලබන අයට පුළුවන් ලංකාවට ඇවිත් වැඩකරන්න . අපේ ක්‍රමෝපාය එයයි” යනුවෙන් ඔහු එම වැඩසටහනේදී ප්‍රකාශ කර තිබේ.

මෙවන් තත්වයක් තුළ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තෝරාගත් ක්ෂේත්‍ර සඳහා රැකියා කිරීමට එට්කා ගිවිසුම අත්සන් කිරීමට පසුගිය රජය සැලසුම්කර තිබියදී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස එයට විරුද්ධව අදහස් දැක්වීය. නමුත් චතුරංග අබේසිංහ සඳහන් කරන ආකාරයට ජාතික ජනබලවේග රජයක් යටතේද එම ප්‍රතිපත්තිම අනුගමනය කිරීමට තීරණය කර ඇති බව මෙම ප්‍රකාශයෙන් තහවුරුවේ.

Previous articleවිපක්ෂ නායක පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කරලා – කථානායක
Next articleශ්‍රී ලාංකික ඉදිකිරීම් ශ්‍රමිකයින්ට අද සිට ජපානයේ රැකියා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here