Home අද පොහොට්ටුවේ ජනවරමට ගරු කළ යුතුයි  – සජිත්

පොහොට්ටුවේ ජනවරමට ගරු කළ යුතුයි  – සජිත්

1857
0

විශාල ජනවරමක් ඇති පොහොට්ටුවේ මන්ත්‍රීවරු ඇමති ධූරවලින් ඉවත් කිරීමට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(28දා) පාර්ලිමේන්තුවේදී  සිය විරෝධය පළකළේය.

“පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් විශාල ජනවරමක් තිබෙන මහජන නියෝජිතයෙක් පන්නපු අවස්ථාවක් ලෙස මෙය ඉතිහාස ගතවනවා” යැයි ද විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී කීවේය.

පොදුජන පෙරමුණ නියෝජනය කරන රොෂාන් රණසිංහ මහතාගේ කටයුතු සම්බන්ධයෙන් සහ ඔහු ඉවත් කිරීමට අදාළව විපක්ෂ නායකවරයා දැඩි උනන්දුවකින් කටයුතු කරමින් සිටිනු ඇති බව පැහැදිලිව දක්නට තිබේ. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හෝ ආණ්ඩුවේ කිසිදු මන්ත්‍රීවරයෙක් රොෂාන් රණසිංහ මහතා නෙරපීම සාධාරණීකරනය කිරීමට කතානොකළ අතර මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා කලබලවී සිටීම  කැපීපෙනන සිදුවීමකි.

සජිත් ප්‍රේමදාස මහතා පවසන ආකාරයට පොදුජන පෙරමුණේ ජනවරමට ගරුකළ යුතුනම් ඒ  අනුව පාර්ලිමේන්තු 2025 දක්වා ක්‍රියාත්මක විය යුතුව ඇත. රොෂාන් රණසිංහ මහතා සමගි ජනබල වේගයට එක්කරගැනීමට සහ විවිධ සාකච්ඡා සිදුවන බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන අතර විපක්ෂ නායකවරයාගේ මෙම හැසිරීමෙන් ඒබව වඩාත් තහවුරු වෙමින් තිබේ.

එමෙන්ම රොෂාන් රණසිංහ මහතා ද අවස්ථා කිහිපයකම සඳහන් කර ඇත්තේ මෙම ප්‍රශ්න සියල්ල ඉදිරි ජනාධිපතිවරණයකින් විසඳාගන්නා බවය.

Previous articleරොෂාන් රණසිංහගේ ඉඩම් කොල්ලය (සියලු සාක්ෂි මෙන්න)
Next articleසජිත් ඉන්දීය මහකොමසාරිස් හරහා ජේ ෂාට කතා කරන්න හැදුවේ ඇයි.?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here