Home අද ආර්ථික ඝාතකයින් ගැන කතා කරද්දී පොහොට්ටු මන්ත්‍රීලා පාර්ලිමේන්තුවේ යකා නටයි

ආර්ථික ඝාතකයින් ගැන කතා කරද්දී පොහොට්ටු මන්ත්‍රීලා පාර්ලිමේන්තුවේ යකා නටයි

1578
0

වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණයට හිටපු ජනාධිපති ගෝඨාභය රාපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දු ව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(21දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළ අතර එහිදී උණුසුම් තත්වයක් ඇතිවිය.

විපක්ෂ නායකවරයා සිය ප්‍රකාශය කරන අතර තුර පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත , ප්‍රසන්න රණවීර , තිස්ස කුට්ටිආරච්චි , සමන්ප්‍රිය හෙරත් , මහින්දාන්නද අලුත්ගමගේ ඇතුළු මන්ත්‍රීවරු  සභාගර්භයට පැමිණ විපක්ෂ නායකවරයාට බාධා කළහ.

එම බාධා හමුවේද විපක්ෂ නායකවරයා සිය ප්‍රකාශය සිදුකරගෙන ගිය අතර එහිදී ඔහුගේ කතාව ඇතුළත් ප්‍රතිකා එම මන්ත්‍රීවරුන් විසින් උදුරාගත්තේය.

පාර්ලිමේන්තුවේ ඇතිවු තත්වය පාලනය කරගත නොහැකි වු බැවින් කථානායකවරයා පාර්ලිමේන්තුව කල්තබන ලදී.

වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණයට හිටපු ජනාධිපති ගෝඨාභය රාපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළ අතර ඒ අනුව හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයින් යන අය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කළා.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු මෙම තීන්දුව ලබා දුන්නේය.

තවද මෙම නඩුවට ගොනු කර ඇති වගඋත්තර කරුවන්ට රුපියල් 1.50,000ක නඩු ගාස්තුවක් වෙන ලෙස ද නියෝග කළේය.

 

Previous articleලංකාව ලෝකයට ගෙනියන්න Nas Daily ත් උදව්වට
Next articleපොහොට්ටු මන්ත්‍රීවරුන් කළබල වුනේ විඩියෝ කළ නිසා – කථානායකගෙන් නිවේදනයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here