Home අද පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන තවත් වීඩියෝවක් නිකුත් වෙයි

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන තවත් වීඩියෝවක් නිකුත් වෙයි

4200
0

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ABC පුවත් සේවය වාර්තාමය වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.

2019 වසරේ ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් සිටි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි වීරසිංහ පවුලේ සාමාජිකයින්ගේ අත්දැකීම් පදනම් කර ගනිමින් සහ පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණ හදිසියේම ඉවත්කරන තුරු පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයේ ප්‍රධානී ලෙස කටයුතු කල පොලිස් පරීක්ෂක රවී සෙනෙවිරත්න මහතාගේ කට උත්තරයක් මත මෙම වීඩියෝව සකසා තිබෙනවා.

පොලිස් පරීක්ෂක රවී සෙනෙවිරත්න මහතා පවසන පරිදි මෙම ප්‍රහාරය සිදුකළ කණ්ඩායම සමඟ බුද්ධි අංශ නිලධාරීන්ගේ සම්බන්ධයක් තිබූ බව විමර්ශනයේදී හෙළි වී ඇති අතර 2018 නොවැම්බර් මස 30 වැනිදා වවුනතිව් පොලිස් මුරපොලේදී පොලිස් නිලධාරීන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් මුල් අවස්ථාවේදීම හඳුනාගැනීමට හැකි වූයේනම් එය පාස්කු ප්‍රහාරය වලක්වාගැනීමට හොඳ පියවරක් බවත් ඒ මහතා කියා සිටියා.

වවුනතිව් පොලිස් මුරපොලේ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය LTTE ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් ලෙස පෙන්වාදී ඒ ඔස්සේ පරීක්ෂණ කටයුතු මෙහෙයවූ නිසා එහි සැබෑ සැකකරුවන් එම අවස්ථාවේදී හඳුනාගැනීමට නොහැකි විය.

තවදුරටත් අදහස් දක්වමින් පොලිස් පරීක්ෂක රවී සෙනෙවිරත්න මහතා කියා සිටියේ පරීක්ෂණය සිදුවෙමින් පවතින අතර තුර බුද්ධි අංශ නිලධාරීන් සහ ප්‍රහාරක කණ්ඩායම අතර සබඳතා හෙළි වූ බවත් ඒ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කිරීමේදී විවිධ බාධා එල්ල වූ බවයි. එමන්ම ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූ විට තමන්ව එම පරීක්ෂණ වලින් ඉවත් කළ බවද ඔහු මෙහිදී කියා සිටියා. බුද්ධි අංශ නිලධාරීන් තමන් දන්නා තොරතුරු පොලිස් පරීක්ෂණ සඳහා ලබා නොදුන්නේ කුමන හේතුවක් නිසාද යන්න තමන් නොදන්නා බවත් රවී සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා කියා සිටියා.

මෙම වාර්තාමය වැඩසටහනේ අදහස් දක්වන කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටින්නේ ඉහළපෙළේ දේශපාලන සැලසුමක් අනුව කණ්ඩායමක් යොදාගනිමින් මම ප්‍රහාරය සිදු කල බවට අවධාරණය කර සිටිනවා.

තමන් බලයට පත් වූ වහාම මේ සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුතු පරීක්ෂණයක් සිදුකරන බවත් එයට යුක්තිය ඉටුකරන බවටත් ගෝඨාභය රාජපක්ෂ පැවසු බව සඳහන් කරන කාදිනල් හිමිපාණන් කියා සිටින්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය 270කට අධික ජිවිත වලට සාධාරණයක් ලබදීමට විව්නිවිධභාවයනේ යුතු දේශපාලන බලපෑම් නොමැති අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි. ඒ සඳහා ඔස්ට්‍රේලියාව පමණක් නොව සෑම රටකින්ම සහය දැක්විය යුතු බවටත් උන්වහන්සේ කියා සිටිනවා.

Previous articleනැවත දැනුම් දෙන තුරු කෝප් කමිටුව රැස් නොවේ
Next articleIMF දෙවන වාරිකය දෙසැම්බර් මාසය වන විට ලැබෙන බව විශ්වාසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here