Home අද කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟිය හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නඟාසිටුවිය හැකියි...

කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟිය හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නඟාසිටුවිය හැකියි – ජනාධිපති

53556
0

රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීමට හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නගාසිටුවිය හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

තමාට අවශ්‍ය මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරවීමට බවත් ඒ සඳහා පාසල් මට්ටමේ සිට ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කලයුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

කොළඹ හා නාගරික පාසල් වල සහ ප්‍රදේශ වලට ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය පහසුකම් තිබුනත් අනුරාධපුර නැගෙනහිර පළාත වැනි දුෂ්කර ප්‍රදේශවලට තවමත් පහසුකම් ලැබී නොමැති බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

2024 රාජ්‍ය අය වැය පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබු අතර මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරමින් පුවත්පත් කතුවරුන් සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරු මීට එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ මෙවර අයවැය රටේ ආර්ථිකය සහ දේශපාලනය වෙනස් කරන අයවැයක් බවයි.

රටේ බිඳවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීම තම අරමුණු වන අතර එම ඉලක්කයට තමා දැනටමත් ළඟාවෙමින් සිටින බව පැවසු ජනාධිපතිවරයා දේශපාලනයකින් තොරව එම ඉලක්කය සාර්ථක ලෙස අවසන් කිරීම තම අභිප්‍රාය බවද පැවසීය.

දේශපාලන පක්ෂ මැතිවරණ ඉලක්ක කර ගනිමින් කටයුතු කළත්, තම පළමු රාජකාරිය රට බංකොළොත් භාවයෙන් නිදහස් කර ගැනීම වන අතර තමා අනෙකුත් කටයුතු දෙස අවධානය යොමු කරන්නේ ඉන් අනතුරුව බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

<>

Previous articleකලා නිර්මාණවලින් වාරණය කියන වචනය අපි අයින් කරන්න ඕනේ – ජනාධිපති
Next articleවසර 06 ට පසු චීන ජනපති ඇමරිකාවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here