Home අද ගාල්ලේ තැපැල් කන්තෝරුවට වෙච්ච දේ නුවරඑළියෙ වෙන්න දෙන්නෙ නෑ

ගාල්ලේ තැපැල් කන්තෝරුවට වෙච්ච දේ නුවරඑළියෙ වෙන්න දෙන්නෙ නෑ

1487
0

ගාල්ලේ තැපැල් කාර්යාල සංකීරණයට සිදුවු දේ නුවරඑළිය තැපල් කාර්යාලයට සිදුවීමට ඉඩ නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(13දා) අයවැය ඉදිරිපක් කරමින් සඳහන් කළේය.  නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක කර්මාන්තය සඳහා වෙන් කිරීම හුදෙකලා සිද්ධියක් නොවන බවත්  නුවරඑළිය සංවර්ධන සැලැස්මේ කොටසක්  බවද අනාගතයේ නුවරඑළියේ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම ඇතුළු තවත් දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් නුවරඑළියේ ක්‍රියාත්මක වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය,

“දූෂණය හා වංචාව රට පුරා පිළිකාවක් සේ පැතිරිලා. රටේ ධනය හොරකම් කිරීම වැළැක්වීමේ පණත් අප දැන් ඉදිරිපත් කර තියෙනවා. රටේ ධනය සහ සම්පත් සොරකම් කළ බවට විවිධ අයට විවිධ චෝදනා තියෙනවා. හැබැයි රටේ ධනය සහ සම්පත් හොරකම් කළ අය ගැන වගේම රටේ අනාගතය හොරකම් කළ අය ගැනත් අප සිතා බැලිය යුතු වෙනවා.

සමහර දේශපාලන කණ්ඩායම් සාර්ථක ව්‍යාපාර ජනසතු කර රටේ අනාගතය හොරකම් කළා. තවත් සමහරු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වැනි නිරපරාදේ නාස්ති වෙන තැන් වෙනත් රටකට බදු දීමට විරුද්ධ වී රටේ අනාගතය හොරකම් කළා. තවත් සමහරු ඇඟළුම් කර්මාන්තයට විරුද්ධ වී රටේ අනාගතය හොරකම් කළා. වරාය දියුණු කරනවාට විරුද්ධ වී අනාගතය හොරකම් කළා. මේ ලැයිස්තුව තව දිගයි. මතක තියාගන්න. ඒ අයත් කරන්නෙ හොරකම්.

හැම සංවර්ධන ව්‍යාපෘතියකටම විරුද්ධ වෙන දේශපාලන කණ්ඩායම් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කරන්න ඉඩ දුන්නේම නෑ. ඒ තෙල් ටැංකි දිරාපත් වෙන්න ඉඩ ඇරියා වගේ ඔවුන්ට අවශ්‍ය නුවරඑළිය තැපැල් කාර්යාලයත් කඩා වැටෙන තත්ත්වයට පත් කරන්න.

නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක කර්මාන්තය සඳහා වෙන් කිරීම හුදෙකලා සිද්ධියක් නෙවෙයි. නුවරඑළිය සංවර්ධන සැලැස්මේ කොටසක්. අනාගතයේ නුවරඑළියේ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමේ බලාපොරොත්තුවත් අපට තියෙනවා. තවත් දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් නුවරඑළියේ ක්‍රියාත්මක වෙනවා. මේ සියළු දේ කරන්නේ නුවරඑළියේ පරිසරයත්, එහි ඓතිහාසික ගොඩනැගිලිත් ආරක්‍ෂා කර ගැනීම සඳහායි.

ගාලු කොටුවේ තිබූ පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලටත් මේ අය සිද්ධ කළේ මේ දේමයි. දැන් ඒ ගොඩනැගිල්ල කඩා වැටිලා. නිසි අවස්ථාවේ ඒ ගොඩනැගිල්ල සංචාරක කර්මාන්තය වෙනුවෙන් වෙන් කළා නම් ඒ ඓතිහාසික ගොඩනැගිල්ලත් අපට තියෙනවා. විදේශ විනිමයත් ලැබෙනවා.

මෑතකදී මුහුණු පොතේ සුසන්ත ආරියරත්න නැමති ආර්ථික විශ්ලේෂකයා ලියූ සටහනක් මම මෙහෙදී උපුටා දක්වන්න කැමතියි.

“රාජ්‍ය සම්පත් රැකගන්න තියෙන ෆෝමියුලා එක රාජ්‍ය සම්පත්වලට අත නොතබනු කියලා පෙළපාලි යන එක නෙවෙයි. ඒ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගන්න එකයි. එතකොට ඒවා කාටවත් බරක් වෙන්නේ නෑ.”

අපි මෙතෙක් කල් ක්‍රියා කළේ රාජ්‍ය සම්පත් රැක ගැනීම කියන සටන් පාඨයට මුවාවෙලා ඒවායින් ප්‍රයෝජන නොගැනීම. ඒවා රටට දරන්න බැරි තරම් බරක් බවට පත් කිරීම.

හිතා බලන්න. මෙතෙක් අපේ රටේ ක්‍රියාත්මක වුණු දේශපාලන සහ ආර්ථික සංකල්ප අසාර්ථකයි. කරුණාකර ඒ බව තේරුම් ගන්න. ඔබේ අසල්වැසියාටත් ඒ බව තේරුම් කර දෙන්න. අප අලුත් දේශපාලන සහ ආර්ථික ක්‍රමයක් නිර්මාණය කරගත්තේ නැත්නම් මෙතැනින් එහාට ගමනක් නෑ යැයි පැවසීය.

 

 

Previous articleමේ බජට් එකට විරුද්ධ වෙන්න පුලුවන් පොහොට්ටුවට විතරයි – රාජිත සේනාරත්න
Next articleක්‍රිකට් තරඟ පරාජය පිළිබඳ ප්‍රමෝද්‍ය කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here