Home අද ශ්‍රී ලංකා ක්‍රිකට් අද කෝප් කමිටුව

ශ්‍රී ලංකා ක්‍රිකට් අද කෝප් කමිටුව

3048
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.

අද (14) පස්වරු 2.00ට ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවත් එහිදී විශේෂ වාර්තා 02ක් සහ මීට පෙර කෝප් කමිටු දෙකක සිදුකළ නිර්දේශ ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර කියා සිටියා.

මීට පෙර සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සභාපතිත්වය දැරූ කෝප් කමිටුවකට සහ චරිත හේරත් මන්ත්‍රීවරයා සභාපතිත්වය දැරූ කෝප් කමිටුවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවා තිබුණි.

මේ හේතුවෙන් විගණකාධිපතිවරයා අද සාකච්ඡාවට ඉදිරිපත් කරනු ලබන වාර්තාවෙහි මීට පෙර ක්‍රිකට් ආයතනයට සිදුකළ නිර්දේශ ද ඇතුළත් විය හැකි බව කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මහතා සඳහන් කළේය.

Previous articleපෝර්ට් සිටිය ගොඩදාන්න අපිට උදව් කරන ඩේවිඩ් කැමරන්ට බ්‍රිතාන්‍යයේ විදේශ ඇමතිකම හිමිවේ
Next articleමහල් නිවාස සංකීර්ණ වැසියෝ රබන් ගසමින් අයවැය සතුට සමරති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here