Home අද ගෝඨා,මහින්ද බැසිල් වත්මන් අර්බුදයට වග කිව යුතුයි – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

ගෝඨා,මහින්ද බැසිල් වත්මන් අර්බුදයට වග කිව යුතුයි – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

1810
0

වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණයට හිටපු ජනාධිපති ගෝඨාභය රාපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

ඒ අනුව හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයින් යන අය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කළා.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු මෙම තීන්දුව ලබා දුන්නේය.

තවද මෙම නඩුවට ගොනු කර ඇති වගඋත්තර කරුවන්ට රුපියල් 1.50,000ක නඩු ගාස්තුවක් වෙන ලෙස ද නියෝග කළේය.

Previous articleනඩුවෙන් විනිසුරුවන් දෙදෙනෙක් ඉවත් වේ – ක්‍රිකට් ගැන අලුත් තීරණයක්
Next articleකලා නිර්මාණවලින් වාරණය කියන වචනය අපි අයින් කරන්න ඕනේ – ජනාධිපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here